රජය විවේචනය කළ මුරුත්තෙට්ටුවේ හිමිට සලකයි ; කොළඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි…

පසුගිය කාලයේ දැඩි ලෙස රජය විවේචනය කළ නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  ලබා දී ඇති මෙම පත්වීමට අදාළ පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී ඇති බව දැනගන්නට තිබේ.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශේෂ කැපකිරීමක් කරන ලද උන්වහන්සේ මෑතක සිට ජනාධිපතිවරයාට  දැඩි විවේචන එල්ල කරමින් සිටින නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී බවක් පෙන්නුම් කරයි.

උන් වහන්සේ ජනාධිපතිතුමා දැඩි ලෙස විවේචනය කරමින් කීවේ අගමැතිතුමාගෙන් උපදෙස් ගෙන රට පාලනය කරන ලෙසයි.

ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරය ද දරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *