ලෝක පරිසර සමුළුවේ දී ජනාධිපති රසායනික “තහනම” අතහැර “සීමාකිරීම”ට පසුබසී !

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන ලෝක පරිසර විපර්යාස පිලිබඳ ලෝක සමුළුව ඊයේ ඇමතු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව රසායනික පොහොර පලිබෝධනාශක සහ වල්නාශක සීමාකිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේ ය. මෙහි විශේෂත්වය වන්නේ රසායනික පොහොර සහ කෘෂි රසායන සම්පුර්ණයෙන් තහනම් කළ බව මීට මසකට පෙර නිව්යෝක් නුවර පවතී එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතා ප්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙම සමුළුවේ දී සම්පුර්ණයෙන් තහනම් කිරීම යන්න අතහැර සීමා කර ඇති බව ප්‍රකාශ කිරීම යි.

රසායනික පොහොර සීමාකිරීම හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කර අතර එහි දී ද කාබනික කෘෂිකර්මය යන යෙදුම අතහැර හරිත කෘෂිකර්මය යන යෙදුමට මාරු වී තිබේ.

නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කොට ඇත්තේ මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළ බවයි.

මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *