මල්වානේ නිවෙස හදන්න මුදල් ගෙව්වේ බැසිල් – ගෘහ නිර්මාණ ශිල්පී මුදිත අධිකරණයේ සාක්ෂි දෙයි

මල්වානේ ඉඩමේ නිවෙස ඉදිකිරීම සඳහා තමන්ට මුදල් ගෙවන ලද්දේ ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් බව නිවෙස ඉදිකළ ගෘහ නිර්මාණ ශිල්ප සමාගමේ ප්‍රධානී මුදිත ජයකොඩි මහතා ඊයේ අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ ය.

බැසිල් ඇමතිවරයා දුන් මුදලින් කොන්ත්‍රාත් කරුවකු යොදාගෙන නිවෙස ඉදිකළ බවත්, කොන්ත්‍රාත්කරුට මුදල් ගෙවීමේ දී රිසිට් පත් ලබාගත් බවත්, ජයකොඩි මහතා සාක්ෂි දෙමින් වැඩි දුරටත් පැවසීය.

මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක් ඉඩමක සුවිසල් නිවෙසක් සහ නාන තටාකයක් ඉදි කරමින් රජයේ මුදල් අවභාවිත කොට ඇති බවට ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් නඩේසන් මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

ජාත්‍යන්තර වශයෙන් විශාල මුදලක් සඟවා තිබීම ගැන තිරුකුමාර් නඩේසන් මහතාට පැන්ඩෝරා පත්‍රිකා මගින් ද චෝදනා නගා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *