එලෙව්වායි කෘෂිකර්ම ඇමති කී මහාචාර්ය මාරඹේ ජනාධිපතිතුමා සමග එජා දේශගුණ විපර්යාස සමුළුවේ !

රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම නිසා කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලු තනතුරුවලින් ඔහු ඉවත් කළ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා මේ වනවිට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සමග ගලාස්ගෝ නුවර  එක්සත් ජාතීන්ගේ පරිසර විපර්යාස පිලිබඳ සමුළුවට ( COP 26 ) සහභාගී වී සිටින බව වාර්තා වෙයි.

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සමුළුවට සහභාගී වී සිටින්නේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු වශයෙනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු තනතුරුවලින් මාරඹේ මහතා ඉවත්කරන ලෙස මහින්දානන්ද ඇමතිවරයා නියෝග කළ ද මහාචාර්ය මාරඹේ මහතා ඒ වනවිට දෙපාර්තමේන්තුවේ කිසිදු තනතුරක් නොදැරූ බව හෙළිදරව් වීය. ඒ මහතා ද සාමාජිකත්වය දැරූ උපදේශක කමිටුවේ නිල කාලය ද අවසව තිබිණි.

කිසිදු තනතුරකින් ඉවත් කළ බවට නිල දැනුම් දීමක් ද ඒ මහතාට සිදු කොට නැත.

මහාචාර්ය මාරඹේ මහතා ජනාධිපතිතුමා සමග එකසත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගී වී සිටින්නේ මහින්දානන්ද ඇමතිවරයා ඒ මහතාට එරෙහිව කළ ප්‍රකාශවල තීන්ත වේලෙන්නට ද කලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *