අධිකරණ ඇමති අලි සබ්‍රි ඉල්ලා අස්වෙන්න සුදානමින් !

අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා ඉල්ලා අස්වීමට සුදානමින් සිටින බව තතු දත් දේශපාල ආරංචි මාර්ග වාර්තා කරයි.

‘එක රටක්, එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා එහි ප්‍රධානියා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම පිළිබඳව සිය විරෝධය පළ කරමින් ඒ මහතා මෙසේ ඉල්ලා අස්වීමට යන බව කියති.

නීතිය යනු අධිකරණ ඇමතිවරයාගේ විෂය පථයට අයත් කාර්යයක් වන නමුත් රටට එක නීතියක් හදන්නට කාර්ය සාධක බලකායක් පත්කිරීමේ දී, සහ එහි ප්‍රධානියා ලෙස මුස්ලිම් විරෝධියකු ලෙස ප්‍රකට ඥානසාර හිමියන් පත් කිරීමේ දී, අධිකරණ ඇමති වන තමන්ගෙන් කිසිදු විමසීමක් නොකිරීම පිළිබඳව අලි සබ්‍රි මහතා බලවත් සේ කලකිරීමට පත්ව ඇත.

ඥානසාර හිමිට සහ එම බලකායට තම අමාත්‍යංශයේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලය පවරා තිබීම ඇමතිවරයාගේ කෝපයට හේතු වී ඇති බව ද කියති.

අලි සබ්රි මහතාගේ ඉල්ලා අස්වීමේ අදහස ආරංචි වීමෙන් පසු ඔහු ඇමතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසි නොවී මදක් ඉවසන ලෙස ඒ මහතාගෙන් ඉල්ලා සිටි බව ද දැනගන්නට ඇත.

මෙම තත්ත්වය තුළ ජනාධිපතිතුමා පෙරළා පැමිණෙන තෙක් තම ඉල්ලා අස්වීම ප්‍රමාද කිරීමට අලි සබ්‍රි මහතා එකඟ වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *