මේ කන්නය විතරක් කාබනික පොහොරෙන් කරන්න, ලබන කන්නයේ රසායනික දෙනවා – ඇමති එස් එම් චන්ද්‍රසේන

මෙම කන්නය පමණක් අත්හදා බැලීමක් ලෙස කාබනික පොහොර යොදා ගොවිතැන් කරන ලෙසත්, මෙම අත්හදා බැලීම අසාර්ථක වුවහොත් ඊළඟ කන්නයේ සිට නැවත රසායනික පොහොර හෝ රසායනික ,කාබනික මිශ්‍රණයක් හෝ ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත්, ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.

එබැවින් මෙම කන්නය පමණක් කාබනික පොහොර යොදා ගොවිතැන් කරන ලෙස ඒ මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

ඊයේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවක් අමතා ඒ මහතා මේ අදහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *