ඥානසාර හිමි පත් කිරීමට ඇමති අලි සබ්රිගේත් විරෝධය

‘එක රටක්, එක නීතියක්’ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා ද සිය විරෝධය පළ කොට ඇති බව වාර්තා වෙයි.

මුස්ලිම් මව්ලවිවරුන් හමුවීමකින් පසුව ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ සියලු ජන කොටස්වලට සාධාරණ ලෙස කටයුතු කිරීම ඥානසාර හිමිගෙන් බලාපොරොත්තු විය නොහැකි බව යි.

ඥානසාර හිමියන් එම තනතුරින් ඉවත් නොකළ හොත් තමන්ට ඇමති ධුරයේ රැඳී සිටින්නට ද නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා පැවති අවස්ථාවේ ද මෙම පති කිරීම ගැන විවේචන එල්ල වී ඇත. විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු නායකයින් මෙම පත්කිරීමට සිය විරෝධය පළ කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *