ආනයනික කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර හොදයි – පාදෙණිය

කාබනික පොහොර ශ්‍රී ලංකාවට පිටරටින් ගෙන්වීම වැරදි වැඩක් බවත් එයට විරුද්ධ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කාබනික පොහොර ආනයනය කිරීම හේතුවෙන් නැති ප්‍රශ්න ඇති වන බවත් ඊට වඩා රසායනික පොහොර සුදුසු බව තමන් පවසන බවත් සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

වස විස වලට තම සංගමය විරුද්ධ වුවත් කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමෙන් තවත් අවුල් ජාලාවක් නිර්මාණයක් නො කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ජනාධිපතිතුමන් විසින් කාබනික පොහොර සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට තමන් නම් කර තිබුනද අද වනතුරු එහි එක රැස්වීමක් වත් කැඳවූයේ නැති බවත් ඒ මහතා සඳහන් කරයි.

එක්වරම කාබනික පොහොර භාවිතය යොමුවීම වැරදි බවත් එහි වරද තම සංගමය වෙත පැවරීම වැරදි බවත් ඔහු තවදුරටත් කියා සිටියේ ය.

දෙරණ නාලිකාවේ පැවැති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lanka C news

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *