ජනාධිපති – පක්ෂ නායක හමුව තීරණයකින් තොරව අවසන්

 

ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් සහ ජනාධිපතිතුමා අතර අද පැවතී හමුව කිසිදු තීරණයකින්  තොරව අවසන් වූ බව වාර්තා වෙයි.

එහි දී විවිධ ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරුවක් පමණක් සිදු වූ බව කියති.

යුගදනවී බලාගාර ප්‍රශ්නය ගැන කුමක් සිදුවී දැයි විමසු විට ශ්‍රීලනිප මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා කීවේ ඇමෙරිකානු සමාගම සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට ඇති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දුන් බවත්, වඩා වැදගත් වන එම ගිවිසුම් ගැන පක්ෂ වලින් අදහස් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් ය.

ඒ අනුව තම අදහස් ලබා දෙන බව ඒ මහතා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *