ඩෙනිම, උප සංස්කෘතිය හා බ්ලුක් – මාතලන්

විස්ස විජ්ජාල යනු සඟිස්කෘතියකි,
නවක වදය යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ආන්ඩුව යනු සඟිස්කෘතියකි,
බදු හා දඩ යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

රාජ්‍ය සේවය යනු සඟිස්කෘතියකි,
ඈණුම් ඇරීම, නිදාගැනීම, පගාව, ජරාව, වැඩ වර්ජන යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවෙකුටත් ඒ ගැන ප්‍රශ්ණ කල නොහැක.

පාර්ලිමේන්තු ක්‍රමය යනු සඟිස්කෘතියකි,
හොරකම, දූෂණය ,නාස්තිය, යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පාර්ලිමේන්තුව යනු සඟිස්කෘතියකි,
කුණුහබ්බ කීම, ගහමරා ගැනීම, අරක්කු බීම හා නිදාගැනීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

අධිකරණය යනු සඟිස්කෘතියකි,
හොරුන්, ස්ත්‍රී දූෂකයින් නඩු ඇසීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ගමයි පන්සලයි වැවයි දාගැබයි යනු සඟිස්කෘතියකි,
බාර් එක, බුකිය, කසිප්පු තිප්පොල, ඒ සී කාමර යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ඉස්පිරිතාල යනු සඟිස්කෘතියකි,
එවායේ බෙහෙත් නොමැතිවීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පාසැල් යනු සඟිස්කෘතියකි,
ආදි සිස්ස/සිස්සා සංගම් යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ආදරය යනු සඟිස්කෘතියකි
බූට් දීම, ඇඬීම, වැලපීම, සිය දිවි නසා ගැනීම යනු උප සඟිස්කෘතියකි
ඒ නිසා කිසිවෙකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ස්ත්‍රීත්වය යනු සඟිස්කෘතියකි,
ගෘහස්ත ප්‍රචන්ඩත්වය, ස්ත්‍රී දූෂණ, අපචාර යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

බස් යනු සඟිස්කෘතියකි,
ජැක් ගැසීම, හොරෙන් යාම, ටිකට් නොදීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පිරිසිඳුකම යනු සඟිස්කෘතියකි,
පාරේ කුණු දැමීම. කාරා කෙල ගැසීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පොලීසිය යනු සඟිස්කෘතියකි,
එල්ලා ගැසීම, නෑවීම, කිරි බෙදීම, පැණි බේරෙන්න දීම, කකුලෙන් පහල වෙඩි තැබීම, ආයුධ පෙන්වීමට රැගෙන යාම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

රූපවාහිනි යනු සඟිස්කෘතියකි,
ටෙලි නාට්ටි හා ආටක නාටක, වෙළඳ දැන්වීම් යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ප්‍රවෘත්ති යනු සඟිස්කෘතියකි,
වොයිස් කට් හා රස කතා යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ජනමාධ්‍යවේදය යනු සඟිස්කෘතියකි,
ගොසිප්, හොල්මන්, කේන්දර යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

මාද්දියවේදින් යනුද සඟිස්කෘතියකි.
ලැප් ටොප්, මෝටර් සයිකල්, ඉඩම්, ගෙවල්, විස්කි හා ෆොරින් ටුවර් උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පැවිද්ද යනු සඟිස්කෘතියකි,
සෙක්ස්, බිස්නස්, තගරිය යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

මහින්ද යනු සඟිස්කෘතියකි,
විමල්, දිනේස්, වාසු, ගම්මන්පිල යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

රනිල් යනු සඟිස්කෘතියකි,
අකිල, සාගර, මලීක්, මංගල යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ජේවීපී යනු සඟිස්කෘතියකි,
දේශපාලන බල මණ්ඩලය (මණ්ඩලේ කචල්) යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

බ්ලොග් යනු සඟිස්කෘතියකි,
බ්ලුක් යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

මනුස්සකම යනු සඟිස්කෘතියකි,
වැරදීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.
 

සැ : ‍යු: 
තවත් සඟිස්කුරුතීන් හා උප සඟිස්කුර්තින් ඇත්නම් කොමෙන්ටු ලෙස යෙදිය හැක.

 _____________________________________________________________

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *