හැමදේට ම උපදෙස් දෙන උදවියගේ හැසිරීම පෙන්වන වීඩියෝව ජනාධිපතිතුමා නැරඹිය යුතුයි – රවී කුමුදේශ්

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට හැමදෙයක් ම ගැන උපදෙස් දෙන අයගේ හැසිරීම ඊයේ විකාශය වූ හඬ පටයෙන් හෙළිවන බවත් , එය ජනාධිපතිතුමා නැරඹිය යුතු බවත්, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ ය. දැන්  ආණ්ඩුවට උපදෙස් දෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රාමාණික බුද්ධිමතුන් නොවන මෙබඳු පිරිස් බවත්. එයින් රට විනාශය කරා යන බවත්, ඒ මත වැඩි දුරටත් කී ය.

කාබනික ගොවිතැන වහාම කරන්න කියා තමන් නොකී බව කියන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අන්රුද්ධ පාදෙණිය මහතා උපදෙස් දෙන වීඩියෝවක් පිළිබඳව මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු ලෙස ඒ මහතා මේ අදහස් පල කළේ අද පැවති මාධ්‍ය හමුවක දී ය.

ඉහත කී ප්‍රකාශය ඔහු සමාන කළේ වාහන ධාවනයෙන් පරිසර දුෂණය වන බවට මහත් සේ හඬ නගමින් සිට වාහන ධාවනය නතර කළ විට අපි එසේ කිරීමට නොකී බව කීම වැන්නකට ය.

මිනිසාගේ බොහෝ ක්‍රියාකාරකම්වලින් පරිසරයට හානි සිදුවීම වැළක්විය නොහැකි බවත්, මිනිස් සමාජයේ වර්ධනය සිදුවන්නේ ඒ  ආකාරයෙන් බවත් කී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීවේ කළ යුතු වන්නේ එම හානි අවම කර ගැනීමට ක්‍රියා කිරීම බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *