තවත් කොවිඩ් මරණ 22 ක් නව ආසාදිතයින් 540 ක් වාර්තා වෙයි

රජය විසින් අද දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 22 කි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,996 ක් වශයෙනි.

අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 540 ක් වශයෙනි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 538,860 ක් ලෙස අලුත් ම වාර්තාවල සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *