විමල් පිල ඉදිරියේ ජනපති රිවස් වෙයි ; බෑ කියමින් සිටි සාකච්ඡාව අද ම දෙයි

විමල් වීරවංශ මහතා ප්‍රධානත්වය දරමින් මෙහෙයවන ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂවලට අද සවස සාකච්ඡාවක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.

ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් ලෙස පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී යුගදනවී බලාගාර ප්‍රශනය ගැන ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව කියති.

මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් ලබා දෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයක දී ම විමල් පිල ඉල්ලීම් කොට තිබුන ද ජනාධිපතිතුමා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා සමග සාකච්ඡා කරන ලෙස උපදෙස් දෙමිනි. අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවට ඒ දෙදෙනාට ද ආරාධනා කොට තිබේ.

යුගදනවී බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට සිට ආරම්භ කිරීමට විමල් පිලේ පක්ෂ තීරණය කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *