“එකපාර කාබනික කරන්නැයි අපි කිව්වේ නැහැ” – ජනාධිපති අමාරුවේ දැමූ පාදෙණිය දරුණු පාවාදීමක !

එකපාර කාබනික කරන්නට තමන් උපදෙස් නොදුන් බවත්, කාබනික කිරීම හොඳ දෙයක් බව පමණක් කී බවත්, කියමින් ඇඟ බෙරා ගන්නට තම සගයන්ට ද උපදෙස් දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ දරුණු පාවාදීමක යෙදෙන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ය.

රජයේ කාබනික කෘෂිකර්ම වැඩ පිළිවෙළට එරෙහිව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඊයේ පැවත් වූ මාධ්‍ය හමුවට පෙර එම සංවිධානයේ ලේකම්වරයාට අනුරුද්ධ පාදෙණිය මහතා මෙම උපදෙස් දෙන ආකාරය පටිගත වී තිබිණි.

එම උපදෙස් අනුව පාදෙණිය මහතා සිය සගයාට උපදෙස් දෙන්නේ වෛද්‍යවරයෙක් ලෙස ඔහු කීවේ හොඳ ආහාර තිබීම හොඳ බව පමණක් කියා කියන ලෙස ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයෙන් ගොඩනැගුනු සංවිධානයක් වන වෘත්තියවේදී ජාතික පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන්නේ ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ය. එම සංවිධානය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුව මගින් කාබනික ගොවිතැන සඳහා යොමු වීමේ රජයේ වැඩ පිළිවෙළට විරෝධය ප්‍රකාශ කළේ ය.

ඊයේ පැවතී මාධ්‍ය හමුවට පාදෙණිය මහතා සහභාගී නොවූ අතර ඔහු පැමිණ උපදෙස් දී යන ආකාරය පටිගත වී තිබිණි.

මේ අතර ජනාධිපතිතුමා පසුගිය දා කුලියාපිටියේ දී කළ කතාව ගැන විචාරය කරන විවේචකයන් කියන්නේ එහි තිබු බොහෝ කරුණු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දිගින් දිගට කියමින් සිටි බොරු වලින් සමන්විත වූ බව යි.

රසායනික පොහොර ඉල්ලන ගොවීන්ට වකුගඩුවක් ද දිය යුතු යයි ජනාධිපතිතුමා එහි දී කීය. එය පසුගිය සිකුරාදා පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේ දී අනුරුද්ධ පාදෙණිය මහතා කී කතාව එම වචනවලින් ම කීමකි. වකුගඩු රෝගය සහ රසායනික පොහොර අතර කිසිදු සම්බන්ධයක් නැති බව ඒ පිලිබඳ විශේෂඥයන් කීව ද පාදෙණිය මහතා තවමත් එය නැවත නැවත කියමින් සිටින්නේ කිසිදු පදනමකින් තොරව ය.

ගම්වල ළිං වලින් නාන්න බැරි බව, ඇලකින් නෑවොත් ගොඩ එන්නේ මළ මිනියක් බව ආදී කතා ජනාධිපතිතුමා  කී අතර ඒ සියල්ල මීට පෙව අසන්නට ලැබී ඇත්තේ පාදෙණියගේ මුවෙනි.

ටැබ් පරිගණක නිසා හයිටි රාජ්ජයේ ජනයාගේ ආයු කාලය අඩු වී ඇති බවට තවත් පචයක් ද පාදෙණිය පසුගිය දා ජනාධිපතිතුමාට කියා තිබිණි.

පාදෙණියගේ කතා විශ්වාස කරමින් තවමත් වැඩ කරන ජනාධිපතිතුමා මේ වනවිට මහජන විරෝධයට ලක් වී අමාරුවේ වැටී සිටිය දී දැන් පාදෙණිය ” එකවර කාබනික කරන්න අප කීවේ නැත ” කියමින් විශාල පාවා දීමක යෙදී ඇත.

දැන් මේ සියල්ලට එක ම වගකිව යුත්තා වන්නේ ජනාධිපතිතුමා පමණකි. එතුමා විතරම ය. සියලු කාබනික වීරයන් පාවා දී පළා ගොසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *