පොහොර ගැන මෙලෝ දැනුමක් නැති ආණ්ඩුව ඉන්දියාවෙන් බාල පොහොර ගෙන්නලා – ලසසප නායක මහාචාර්ය තිස්ස විතාරණ


පොහොර ගැන කිසිදු දැනුමක් නැති ආණ්ඩුව ඉන්දියාවෙන් බාල පොහොරක් ගෙන්වා ඇති බව ලංකා සමසමාජ පක්ෂ නායක, පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශකොට ඇත.

ලංකා සමසමාජ පක්ෂ කාර්යාලයේ පැවතී සාකච්ඡාවකට එක වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ කාබනික හෝ රසායනික හෝ පොහොර පිළිබඳව ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලයන්ට කිසිදු දැනුමක් නොමැති බව යි. නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කර අපනයනය කිරීමට තරම් හැකියාවක් අප රටට තිබිය දී ආණ්ඩුව  ඉන්දියාවෙන් ඉතා බාල පොහොර ආනයනය කොට ඇති බව මහාචාර්යවරයා කියයි.

විශාල මුදලක් වැයකර ඉන්දියාවෙන් මිල දී ගෙන තිබෙන්නේ කිසිදු ගුණාත්මකභාවයක් නොමැති බාල තත්වයේ පොහොරක්  බව ද මහාචාර්යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *