මහාචාර්ය බුද්ධි මාරඹේ ඉවත්කළේ ඔහු නොදැරූ තනතුරුවලින් !!!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඔහු දැරූ සියලු තනතුරුවලින් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ඉවත් කළ බව රජය ප්‍රකාශ කළ ද තමන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිදු තනතුරක් නොදැරූ බව මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අද මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේ ය.

මහාචාර්යවරයා කියන්නේ තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයකුව නොසිටි බව යි.

ජාතික පොහොර ප්‍රතිපත්තිය සැකසීමේ විශේෂඥ කමිටුවක සේවය කිරීමට පසුගිය වසරේ තමාට ආරාධනා ලැබුණු බවත්, එම කමිටුවේ වැඩ කටයුතු අවසන්ව එහි නිල කාලය පසුගිය මාසයේ අවසන් වූ බව ද මාරඹේ මහතා කියයි.

පසුගිය මාසයේ අහෝසි වූ කමිටුවක සාමාජිකත්වයෙන් තමා ඉවත් කිරීමේ ප්‍රශ්නයක් මතු වුයේ කෙසේ දැයි ඒ මහතා ප්‍රශ්න කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *