විෂ සහිත යයි ප්‍රතික්ෂේප වූ චීන පොහොර ගන්න අලුත් පරීක්ෂණයක් !

 

මෙරට භාවිතයට අහිතකර බව මෙරට ආයතන තුනක පරීක්ෂණ මගින් තහවුරු කොට තහනම් කළ බැවින් ප්‍රතික්ෂේප කළ චීන පොහොර බාර ගැනීම සඳහා වෙනත් කණ්ඩායමක් මගින් නැවත පරීක්ෂණයක් කිරීමට ආණ්ඩුව එකඟ වී ඇති බව වාර්තා වෙයි.

චීන සමාගම සමග සාකච්ඡා කොට මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමතිවරුන් ය.

අදාළ පොහොර ප්‍රතික්ෂේප කළ බව දන්වා තිබිය දී පොහොර අඩංගු නැව කොළඹ වරාය වෙත බලෙන් පැමිණ එම පොහොර භාර ගන්නා ලෙස රජයට බල කරමින් සිටියි.

මෙම නැව වරායට ඇතුළු කිරීමට එරෙහිව සහ එම පොහොර සඳහා මුදල් ගෙවීමට එරෙහිව මේ වන විට අධිකරණ නියෝග දෙකක් නිකුත් කොට ඇත.

ශ්‍රී ලංකාවේ බලය ලත් ආයතන විසින් ප්‍රතික්ෂේප කළ පසු වෙනත් පාර්ශවයකින් පරීක්ෂා කොට පොහොර භාර ගැනීමට කටයුතු කළ හොත් එය නීති විරෝධී ක්‍රියාවක් බවත්, එබඳු තෙවැනි පාර්ශවයක පරීක්ෂාවක් සඳහා ප්‍රතිපාදන නැති බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *