පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කිරීම නවතන්න දඩයමක් ! පුජක තුමන්ලාටත් හිරිහැර

පාස්කු ඉරුදින කතෝලික පල්ලි සහ සංචාරක හෝටල්වලට තස්තවාදී ප්‍රහාරයක් එල්ල කොට විශාල මිනිස් ඝාතනයක් කිරීමේ සිදුවීම ගැන සාධාරණ පරීක්ෂණයක් සිදු කොට එහි මහ මොළකරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් දඩයම් කිරීමට සහ එම ප්‍රශ්න මතුකරන පුජක තුමන්ලාට හිරිහැර කිරීමට සැලැස්මක් දියත් වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

එම නිරීක්ෂකයන් කියන ආකාරයට මෙම සැලැස්මේ මහ මොළ කරු වී ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ය. පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂිම්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම සහ රාජ්‍ය බුද්ධි අංශ අතර සම්බන්ධතා ගැන කතෝලික පියතුමෙකු අභ්‍යන්තර සාකච්ඡාවක කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික බුද්ධි අංශ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් කොට ඇත. එමගින් මෙම ප්‍රශ්න මතුකරන පුජක තුමන්ලා කැඳවා ප්‍රශ්න කරමින් ඔවුන්ට හිරිහැර කිරීම මෙම සැලැස්මේ එක් අරමුණක්  බව විශ්වාස කෙරෙයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණ ඉල්ලන උදවිය බියපත් කොට නිහඬ කිරීමේ උත්සාහයක  කොටසක් ලෙස මෙය ක්‍රියාවට නගන්නට ඇතැයි ද කියති.

කතෝලික පුජක තුමන්ලා පසුගියදා කළ තොරතුරු මීට පෙර වෙනත් පිරිස් විසින් ද ප්‍රකාශ කොට ඇති බවත්, ජනාධිපති කොමිසන් සභාවේ දී සහ පාර්ලිමේන්තුවේ දී ද මෙම තොරතුරු හෙළි වී ඇතැයි ද දේශපාලන නිරීක්ෂකයෝ වැඩි දුරටත් ප්‍රකාශ කරති.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ ද සාමාජිකයෙක් වන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියාත්මක වන්නේ තම තනි තීරණය අනුව නොවන බව ද නිරීක්ෂකයන්ගේ අදහස යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *