එදා මෙන් නොව අද ආණ්ඩුවට වඩා සමාජය ශක්තිමත්- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි :1වෙනි කොටස

ජනවාරි 08 වෙනිදා සිදු වූ වෙනසට සහය වූවෙකු ලෙස පසුතැවීමකට හෝ පුදුම වෙන්නට දෙයක් මට ඇතග මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා කලාපයන් සංසන්දනය කරමින් ඇතැම් අය මේ ප්‍රශ්නය අසතිග ඇත්ත වශයෙන්ම අපි මේ සිද්ධිය දෙස බැලිය යුත්තේ අද සිට නොවේග ඒ සඳහා නැවත අපි 2015වේ ජනවාරි 08වෙනිදාට යායුතු යග ජනවාරි 08 වෙනිදාට ගොස් ඒ තිබුණු ආණ්ඩුව වෙනස් කළ යුතුව තිබුණා ද නැති ද යනුවෙන් අපි පෙරළා ඇසිය යුතුව තිබේග කවුරු හරි කියනවා නම් ඒක වෙනස් කළ යුතුව තිබූණු බවල ඒක වෙනස් කරන්නට ප්‍රායෝගික පියවරක් ගතයුතුව තිබුණිග
මෙහි දී මත දෙකක් තිබුණිග එහෙම වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නැත සහ වෙනස් කරන අය බලාපොරොත්තු වන අදහස් ක්‍රියාත්මක කිරීමට කෙනෙකු පත්කරගත යුතු බවට අදහසක් ඒ තුළ තිබුනිග ඒ අනුව නිකම්ම මුහුණු වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නැති බව සිතූ පිරිසක් ද සිටිය හග බලයට එන්නේ කවුද කියන එකට වඩා රාජපක්ෂගේ පාලනය පරාජය කිරීම තමයි අනික් පිරිසේ අරමුණ වූයේග මා සිටියේ දෙවැනි මතයේ යග මා 2015 ජනවාරි 08ට නැවතත් ගියහොත්ල නැවතත් මා එම තීරණය ගන්නට ඉඩ තිබේග
කෙසේ නමුත් මේක ගැන වෙනස් මතයකුත් මට තිබුණිග ඒ මතය මා ප්‍රකාශ ළේ 2009 දී යග 2009 දී විමලනාත් වීරරත්න රාවයට ර්‍ණවිමලෙගේ කොලම” යනුවෙන් තීරු ලිපියක් ලීවේ යග ඒක පොතක් ආකාරයට පළ කළේ යග මට තිබුණු කථාවේ දී මා හිත හදාගෙන ඉන්නේ රාජපක්ෂ පාලනය යටතේ තව වසර 15ක් අඩු තරමින් සිටින්නට බව මම එතන දී ප්‍රකාශ කළෙමිග මහින්ද රාජපක්ෂ සිටින තුරු එම ආණ්ඩුව පෙරලන්නට හැකි බව මා සිතුවේ නැතග මම එතන දී කිව්වේ රාජපක්ෂ පාලනය පෙරළෙන්නට ඉඩ තිබෙන්නේ රාජපක්ෂල මුගාබේ වගේ ජීවත් වෙන්නට පුළුවන් කාලය අවසන් අවස්ථාවක දි බව යග නැතිනම් රාජපක්ෂ විශ්‍රාම ගන්නට සිතන දවසක අනුප්‍රාප්තිකයා පිළිබඳව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවන අර්බුදයක දී ඒ අවස්ථාව උදාවනු ඇති බව මා ඒ වන විට කල්පනා කළේ යග බොහෝ විට වෙන්නේ ඔය අනුප්‍රාප්තිකයා පිළිබඳ ප්‍රශ්නය පැමිණි විට අර්බුද මතුවීම යග එතකල් අපිට කරන්නට විශේෂ දෙයක් නැතිබව තමයි මා සිතුවේග ඒ නිසා අපි කථාකරන දේවල් ගැන කථා කරමින් සිටිය යුතු බවයි මා යෝජනා කළේග ගැටළු සහගත තැන් තිබුණේ වී නමුත් සිංහළ බෞද්ධ ජනතාව තුළ විශේෂයෙන්ම රාජපක්ෂගේ පාලනය ජනප්‍රිය වූ හෙයින් ගැටලු සහගත තැන් ජනයාට තව භූක්ති විදින්නට දිය යුතු ය යන තැනකයි මා ඒ වෙලාවේ පසුවූයේග
උදාහරණයක් ලෙස මේ ආර්ථික සංවර්ධනය ගතහොත්ග ඒවා ඉදිරියේ දි නඩත්තු කරන්නේ කෙසේ ද යන ප්‍රශ්න මතුවිමට ඉඩ තිබුණිග අධිවේගි මාර්ගවලට ගන්න ණය කොහොම ද ගෙවන්නේග මත්තල ගුවන් තොටුපලෙන් සහ හම්බන්තොට වරායෙන් ආර්ථික ප්‍රතිභාල ලබෙනවා දරෑ යන කාරණාවල දීී අනිවාර්යෙන්ම ගැටලුවක් පැන නගීග ඒ තුළ රාජපක්ෂ පාලනය පරික්ෂාවට ලක්වීම අනිවාර්ය වේග ඒ වන විට ප්‍රජාත්න්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය ද ඇගට දැනෙන ප්‍රශ්නයක් බවට පත්වනු ඇතග රාජපක්ෂගේ ආණ්ඩුව පෙරළන්න වෙන්නේ එවැනි අවස්ථාවක බවයි මා කල්පනා කළේග
ඒ වන විට ප්‍රජාත්න්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය දැනුනේ සමස්ත සමාජයටම නොව යම් යම් පිරිස්වලට යග විශේෂයෙන්ම දෙමළ අයට ඒ පිළිබඳ දැනුනිග බොදුබල සේනාව වගේ සංවිධාන හේතු කොටගෙන මුස්ලිම් අයට ආණ්ඩුවේ අන්තිම කාලය වෙන විට ඒ පිළිබඳ දැනී තිබුණිග විපක්ෂයේ ඇතැම් අයට වගේම මා වගේ අයටත් එය දැනී තිබුණිග රාජපක්ෂ රෙජිමට ඉවත් කිරීමට සමාජයේ සීමිත කොටසකට තිබූ එම දැනීම ප්‍රමාණවත් වූයේ නැතග දේශපාලන පෙරලියක් වෙන්නට ඒ අත්දැකීම සමාජයේ විශාල පිරිසකට දැනී තිබෙන්නට අවශ්‍ය යග එතකොට තමයි දේශපාලන පරිවර්තනයකට අවශ්‍ය මූලික හැකියාව නිර්මාණය වන්නේග මා එදා එසේ කියන විට විශාල පිරිසක් මට පහර එල්ල කළේ යග ඒ රැස්වීමේ දී මා කියූ දේ ගැන අවබෝධයකින් කථා කළේ වික්‍රමබාහු කරුණාරත්න පමණිග සිරිතුංග ජයසූරිය වගේ අය මට හොඳටම පහර එල්ල කළේ යග නමුත් ඒ අය ආණ්ඩුව පෙරලන විට සිටියේ ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තේ බව ද සිහිපත් කළ යුතු යග දැන් ඔය පෙරටුගාමි පක්ෂයට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ සිටි අය මගේ අදහසට එදා තදින්ම විරුද්ධ වියග මගේ අදහස පරාජිතවාදි අදහසක් බවත්ග මා රාක්ෂපපක්ෂ පාලනයට හිතවත් අයෙක් බව මෙන්ම මා බලාපොරොත්තුවන දේශපාලන ඒජන්තයා රාජපක්ස බවත් එහි දි කියැවිනග ඒ ආකාරයට මගේ මතය ඒ මොහොතේ කිසිවෙකු ගණන් ගත්තේ නැතග
නමුත් යුද්ධයෙන් පසුව 2013 සිට අපිට පෙනෙනවා සිංහළ බෞද්ධ නොවන ජන කොටස් අතරේ රාජපක්ෂ පාලනය යටතේ විශාල ලෙස කළකිරීමට පත්වෙන බවග විශේෂයෙන්ම බොදුබල සේනාවේ ක්‍රියාකළාපයට ආණ්ඩුව කිසියම් පියවරක් නොගැනීම හමුවේ මුස්ලිම් ජනතාව අතරේ ඒ කළකිරීම තවත් වැඩි වියග 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති වූ වෙනස්කම් ජනතාවට ඇගට දැනෙන්නට පටන් ගත්තේ යග ඒ සමගම රාජ්‍ය බලය යොදා කෙරුන දූෂණ වැනි දේ නිසා ආණ්ඩුවට විරුද්ධව යම්කිසි මතයක් ප්‍රභල ලෙස මතුවියග
මේක සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ පවා අර්බුදයක් නිර්මාණය විමට මා පෙරකි අනුප්‍රාප්තිකයාගේ ප්‍රශ්නය එන්නට කලින් මෙය බලපෑවේ යග මේ තත්ත්වය තුළ තමයි ආණ්ඩු විරෝධි ව්‍යාපාරය මතුවෙන්නේග මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ද පැමිණි යේ යග ඒ හරහා තමයි මට ද සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙන්නේග ඒකට සම්බන්ධ වී වැඩකරන මුල් කාලයේ මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ මේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්නට පුළුවන් බවටග 2012 දී ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය නැවැත්වූවාට පසු විශේෂයෙන්ම මම ඒ සටන බැසිල් රාජපක්ෂට පාවා දුන් බවට විශාල විවේචනයක් පැමිණියේ යග ආචාර්ය සංගමයේ අභ්‍යන්තරයෙන්ම එහෙම එකක් පැමිණියා පමණක් නොව ඒක ආණ්ඩු පෙරලියක් දක්වා ගෙනයන්නට තිබු බවට ද සමහරු අදහස් පලකළ හග ඒ සටන බැසිල්ට වික්ක බවට රනිල් වික්‍රමසිංහ පවා කීවේ යග ඒ ව්‍යාපාරය ආණ්ඩුව පෙරලීමේ ව්‍යාපාරයක් දක්වා ගෙනයෑමට හැකියාවක් තිබුණේ නැතග තව ටිකක් කල්ගියානම් වර්ජනය කඩා වැටෙන එක අනිවාර්යව තිබුණිග
සෝභිත හාමුදුරුවන්ගේ ඉල්ලිමටල සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයට මා බැඳුනේ ඉන් පසුව යග මම එතන දි ද වැඩ කළේල ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියන විශ්වාසයෙක් නොවේග මා හිතුවේ ඒ වගේ ප්‍රජාතන්ත්‍රීය ව්‍යාපාරයක් ගොඩනැගීම වැදගත් බව පමණිග මහජනයා අතර වැඩකරනල ආණ්ඩුවේ නොමනා ක්‍රියාකාරකම් විවේචනය කරන වාපාරයක් ගොඩනැගීම වැදගත් බවයි ඒ මොහොතේ මා කල්පනා කළේග
මේ ආණ්ඩුවේ යම් යම් කටයුතු නිසා සාමාන්‍යයෙන් මිනිසුන්ට රාජපක්ෂ ආණ්ඩුව කළ බොහෝ දේ අමතක වේග කෙසේ නමුත් ඔය සිද්ධිදාමය තුළ ම රාපක්ෂගේ පාලනය විසින්ම විශාල විවරයක් ඇති කෙරිනග එපමණක් නොව ඒ විවරය තූළ 2014 නොවැම්බර් පමණ වින විට ආණ්ඩුව පෙරලීමේ හැකියාවක් ඇති බව පෙනෙන්නට තිබුණිගග හරියට ඒක 1993 පලාත් සභා මැතිවරණයෙන් පසුව චන්ද්‍රිකා බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිවීමත්ල අමරසිරි දොඩංගොඩ දකුණු පලාත් සභාවේ මැතිවරණය දිනා ඇති වූ තතක්ත්වය වගේ එකක් ඇතිවියග ආණ්ඩු වෙනස්වීම් පිළිබඳ ගැටළු ගැන මහජන අවකාශය තුළ සාකච්ඡාවක් මතුවියග මා සිතන ආකාරයට මේ සාකච්ඡාව තුළ ප්‍රධාන කාරණා 4ක් තිබුණිග
ඒ සංවාදය තුළ තමයි ඔය යහපත් ආණ්ඩුකරණය නැත්නම් යහපාලනය කියන අදහස මතුවන්නේග මහජන අරමුදල් සහ බලය නිසිලෙස පරිහරණය කිරීම පිළිබඳ ප්‍රශ්නය මතු වූයේ ඒ සාකච්ඡාව තුළ යග අනික ප්‍රජාතන්ත්‍රිකරණය කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නය වේග ඒ යටතේ තමයි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමල කොමිසන් සභා පිහිටුවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වැනි දේවල් ඉදිරියට එන්නේග ඊට අමතරව ඔය සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නය ද ඒ තුළ තිබුණිග දිළිඳු බව නැතිකරන්නේ කොහොම ද යන්න එයට ඇතුලත් වියග නගරය ලස්සන කිරීම සඳහා පලවා හරින දිළින්දන්ට වන්නේ කුමක් ද යන ප්‍රශ්නය ද එවැන්නකිග අනික ඔය බොදුබල සේනාව හා රාවනා බලය වැනි සංවිධානවල ක්‍රියාකලාපය නිසා ජනවර්ග අතර සම්බන්ධය විශාල ප්‍රශ්නයක් වි තිබූණිග මීට අමතරව යුද්ධයෙන් අනතුරුවත් උතුරේ හමුදාව ක්‍රියාත්මක විම ද ඒ අතර වියග මේ කාරණා හතර වැදගත් විදියට මතුවෙමින් ඉදිරියට ආවේ යග මේ කරනු 4ට මේ වන විට රාජපක්ෂ රෙජීමයෙන් බරපතල තර්ජනයක් එල්ල වි තිබුණි්ග ඒ නිසාම ආණ්ඩු විරෝධි සමාජය තුළ මේකට ජනප්‍රියත්වයකුත් ලැබුණිග ඒ තුළ ආණ්ඩුව පෙරළිමේ හැකියාවක් ද නිර්මාණය වියග
එතකොට එන ප්‍රශ්නය තමයි මේ හැකියාවට කරන්නේ කුමක් ද යන්නග වෙනත් විදියකින් කියනවා නම් මේ ඇතිවූ දේශපාලන විවරය සමග කුමක් ද කරන්නේ යන ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවේග මෙතන දී අපිට විකල්පයන් 3ක් තිබුණිග එකක් තමයි අපිට විශ්වාසයක් නෑ අලුත් ආණ්ඩුවක් ආවාට ඒ ආණ්ඩුව යටතේ මොකක් වෙයි ද යන්නග නොදන්නා නිසා මේ ආණ්ඩුවටම එසේ ඉන්නට ඇරීමග 2010 සරත් ෆොන්සේකා තරග කළ වේලාවේ මම සිටියේ එවැනි මතයක යග මා සමග සමාන අදහසක සිටිය අය මම ඒ තීන්දුව ගත්තාට පසු සරත් ෆොන්සේකාගේ ව්‍යාපාරයට සම්බන්ධ වියග නමුත් සරත් ෆොන්සේකා යටතේ සාධණිය දේවල් විය නොහැකියැයි මා විශ්වාස කළ හෙයින් මා එයට හවුල් වූයේ නැතග අනික් විකල්පය තමයි එහෙම නොවන හොඳ අයෙක්ල උදාහරණයක් හැටියට සෝභිත හාමුදුරුවන් ගතහැකග එහෙම නැත්නම් පෙරටුගාමි පක්ෂයේ වගේ වෙන අයෙකු වෙනුවෙන් පෙනී සිටිමට තිබුණිග අනික් විකල්පය තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරය තුළින් මතුවන චරිතයක් සොයා ගැණිමග ප්‍රායෝගිත වශයන් ව්‍යාපාරය තුළ මතුවන විකල්ප පුද්ගලයා මත සිට ක්‍රියා කිරීම තමයි තුන්වෙනි විකල්පය හැටියට තිබුණේග රාජපක්ෂ ඉවත් කිරීම ඒ අවස්ථාවේ වැදගත් යැයි කල්පනා කළේ නම් තිබුණේ මේන්න මේ තුන්වැනි විකල්පය වේග ඒ සඳහා වෙනත් ක්‍රමයක් තිබුණේ නැතග අද ආ පසු හැරි බලුවොත් ඒ අරමුණල නැතිනම් මහින්ද රාජපක්ෂගේ පාලනය පෙරළා දැමිමට ඉදිරියට ආවේ මෛත්‍රිපාල සිරිසේන යග ඒක සම්බන්ධයෙන් වූවත් මගේ යම් කිසි විවේචනයක් තිබුණිග මේක පත්තරේට මම ලියා තිබේග රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා වන බවට අදහසක් මතු වූ වෙලාවේ පක්ෂයකින් අපේක්ෂකයෙකු එන එකට අපි විරුද්ධ බව එයින් කියා තිබුණිග මේ අදහස මා පමණක් නොව සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශකයා හැටියට මාධ්‍යට මේ බව මා ප්‍රකාශයක් ද කළේ යග පක්ෂයක අපේක්ෂකයෙකු බලයට පත් වූ ගමන්ම එයාට සිදුවෙනවා තමාගේ දේශපාලන පක්ෂයේ න්‍යාය පත්‍රයට වැඩකරන්නටග ඒ නිසා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් තමයි අපි පෙනී සිටියේග ඊට පසු ව මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මූලික වශයෙන් ඉවත් වී පැමිණි පසු මොකද කරන්නේ යන්න ප්‍රශ්නය මතුවියග මම දැන් හිතනවා එක පැත්තකින් ඒ වෙලාවේ සොභිත හාමුදුරුවෝ ඉල්ලුවා නම් දිනන්නට තිබෙන ඉඩකඩ අඩු යග
මෛත්‍රිපාල සිරිසේන පැමිණ හෙයින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද සෑහෙන ප්‍රමාණයක් මේ පැත්තට පැමිණියේ යග ඒ ජයග්‍රහණයට ඒ කොටස වැදගත් කොටසක් වියග සෝභිත හිමියන් අපේෂකයා වූයේ නම් ඒ කොටස ලබාගන්නට තිබුණු ඉඩකඩ ඉතා අඩු යග ඒ වෙලාවේ ඒ නිසා දිනන්නට හැකි අපේක්ෂකයා වූයේ මෛත්‍රිපාලන සිරිසේ නයග මට ඒ ගැන සැකයක් නොතිබුණු හෙයින් එයට මම සහයෝගය ලබා දුන්නේ යග ඒ සහයෝගය දුන්නේ වෙනත් බලාපොරොත්තු ඇතිව නොවේග පළමුවෙන්ම මේකට හවුල් වෙනවිට මට මුලදීම තිබුණ බලාපොරොත්තුව රාජපක්ෂ පරාජය කිරීම නොව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයෑම යග මේ ව්‍යාපාරය තුලින් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදි කථිකාවක් නිර්මාණය කිරීමයි බලාපොරොත්තුව වූයේග ඒ සමගම මේ ව්‍යාපාරයට රාජපක්ෂ පෙරලා දැමිමට හැකි වන්නේ නම් ඒකත් වැදගත් වියග මේ පෙරළා දැමිමෙන්ම යම් විවරයක් නිර්මාණය වූයේ යග මා හිතනවා අදත් ඒක ඇති බවග මොනවා නැතත් අද ආණ්ඩුව කලින් ආණ්ඩුව මෙන් නොවේග රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ දේශපාලනිකව ශක්තිමත් ආණ්ඩුවකිග මේ ආණ්ඩුව ශක්තිමත් නැතග ආණ්ඩුව ශක්තිමත් නැති නිසාම සමාජය ශක්තිමත් වී තිබේග ඒ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගැටළුව වූයේ ආණ්ඩුව වෙනුවට සමාජය ශක්තිමත් කරන්නේ කසේද යන්න යග අද ආණ්ඩුවට වඩා සමාජය ශක්තිමත් යග ඒක ඉතා යහපත් යග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *