සමගි ජන බලවේගයේ හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන් පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වෙති

 

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා සිය පක්ෂ තනතුරු සහ ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා  වෙත ඊයේ (25) ලබා දී තිබේ.

මේ වන විට ජනතාව ආණ්ඩුව ප්‍රමුඛ බහුතරයක් දේශපාලකයන් කෙරේ අවිශ්වාසයෙන් බැලීම, ජනතා බලාපොරොත්තු සුන්වීම සිදු වී ඇතත්, ඒ මත විපක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියට ගිණ යාමට මහජන නියෝජිතයන්ට අවස්ථාව ලබා දීමට පක්ෂය කටයුතු නොකිරීම  මෙම ඉල්ලා අස්වීමට හේතු කාරණා වී ඇතැයි මොවුන් ප්‍රකාශ කොට ඇත.

මේ දෙදෙනා ඉල්ලා අස්වූයේ ආණ්ඩුවට එක් වීමට බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග කියයි.

සමගි ජන බලවේගය කැබලිවලට කැඩී ඇති බව මෙම සිදුවීමෙන් ද තහවුරු වන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *