කාබනික පොහොර ගැන රජයට ඇත්ත කීවාට මහාචාර්ය බුද්ධි මාරඹේ තනතුරින් ඉවතට !

කාබනික ගොවිතැන ආසාර්ථක ව්‍යාපෘතියක් බව මුල සිටම රජයට පෙන්වා දීමට කටයුතු කිරීමේ වරදට මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශක කමිටුවේ එතුමා දැරූ සභාපති තනතුරින් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදේශක කමිටුවේ සභාපතිව සිටිමින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කිරීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ඒ අනුව ඒ මහතා තනතුරින් ඉවත් කිරීම හෙට ම සිදුකරන බව ඇමතිවරයා කියයි.

ඇමතිවරයාට අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදේශයකයින් කළ යුතු වන්නේ ආණ්ඩුව කරන ඕනෑ ම ගොන් කමකට සුදු හුණු ගාමීන් ඒවා සාධාරණීකරණය කිරීම යි. තමන්ගේ විශේෂඥ දැනුම අනුව ඇත්ත කීම උපදේශකයකුගේ වරදකි.

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පමණක් නොව කෘෂිකර්ම අමාත්‍යංශයේ බොහෝ උපදේශකයින් මෙන් ම ක්ෂේතයේ ප්‍රාමාණික බුද්ධිමතුන් අති බහුතරය ද කීවේ ආණ්ඩුවේ හදිසි කාබනික ගොවි ව්‍යාපෘතිය විනාශකාරී එකක් බවයි.

දැන් ඒ බව ඔප්පු වෙමින් තිබිය දී ආණ්ඩුව ඇත්ත කී උපදේශකයින්ට දඬුවම් කරමින් සිටියි.

ඇමතිවරයා විසින් ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරගත් මහාචාර්ය උදිත කේ ජයසිංහ මහතා ද පසුගියදා කීවේ රසායනික පොහොර තහනම් කිරීමේ ගැසට් පත්‍රය වැරදි උපදෙස් මත කළ වරදක් බවයි. එම වැරදි උපදෙස් දුන් අය නොසොයන ආණ්ඩුව එලෙස ආණ්ඩුවට ලණු දුන් අයගේ උපදෙස් දිගින් දිගට පිළිපදිමින් ඇත්ත කී නිලධාරීන්ට දඬුවම් කිරීමට කටයුතු කරමින් සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *