රුපවාහිනී සේවකයන්ට වැටුප් නොගෙවයි ; සේවකයෝ මහපාරට !

ජාතික රුපවාහිනී සේවයේ සේවකයන්ට මෙම මස වැටුප් නොගෙවීම නිසා ඔවුන් අද සංස්ථාව තුළ විරෝධතාවක් ක්‍රියාත්මක කළ අතර හෙට දිනයේ ආයතනය ඉදිරියේ මහපාරේ උද්ඝෝෂණයක් සංවිධානය කොට ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට කෝටි ගණන් ණය වී ඇති ජාතික රුපවාහිනිය, සේවකයන්ගේ අතිකාල දීමනා ඇතුළු බොහෝ අයිතීන් කපා හැර ඇති බව ද වාර්තා වෙයි.

ඒ අතර සංස්ථාවේ ඉහළ නිලධාරීන් ඉහළ වැටුප් සහ සියලු දීමනා සහ වැටුප් ලබා ගන්නා  බව සේවකයෝ චෝදනා කරති.

කලක් මෙරට අංක එකේ රුපවාහිනී නාලිකාව ලෙස පැවති ජාතික රුපවාහිනිය මේ වනවිට දරුණු පිරිහීමකට ලක්ව ඇත්තේ දිගින් දිගට සිදු වූ දේශපාලන මැදිහත්වීම් නිසා බව සේවකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *