ගුරුවරුන්ට කපන්න ගිය කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂයෙන් කැපේ

වර්ජනය කරන ගුරුවරුන්ගේ වැටුප් කපන බවටත්, පාසල්වලට අතුලුවෙන්නවත් නොදෙන බවටත්, පසුගියදා තර්ගනය කළ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, වයඹ ආණ්ඩුකාර රජා කොල්ලුරේ මහතා වහා ම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සභාපති ධුරයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද තීරණය කළේ ය.

පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත්කොට ඇත.

බොරැල්ලේ පක්ෂ මුලස්ථානයේ දී අද රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණ ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *