ආණ්ඩු මාරු වුණාට ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමයක් ඕනෑ – එජාප නායක රනිල්

වසර පහෙන් පහට ආණ්ඩු මාරු වන විට ප්‍රතිපත්ති වෙනස් වන ක්‍රමයකින් මේ රට සංවර්ධනය කළ නොහැකි බවත්, ඒ සඳහා වසර 20 ක් වත් එක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේ ය. එබඳු දිගුකාලීන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වා දීම අවශ්‍ය බව ද ඒ මහතා පැවසීය.

දැනට ඇති පක්ෂ අතරින් රට ගොඩ ගැනීමේ හැකියාව ඇති එක ම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් , වැටී තිබෙන රට භාරගෙන ගොඩ නැගීමට පක්ෂය සුදානම් බවත්, වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කී ය.

පක්ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීම සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ සංවිධානය කොට තිබු වැඩ සටහනකට සහභාගී වෙමින් එජාප නායකයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *