පොහොර ප්‍රශ්නයට යූ ටර්න් එකක් – අනුර සූරියබණ්ඩාර 

 

සහල්, සීනි ආදි ප්‍රශ්නවලදී රිවස් ගියරය භාවිත කළ ආණ්ඩුව පොහොර ප්‍රශ්නයේදී ගත්තේ යූ ටර්න් එකකි. එනම් , පුරුදු පාරටම හැරීම හෙවත් රසායනික පොහොරටම නැවත හැරීමය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ පවසන ආකාරයට පොහොර ගැසට්ටුව වැරදි උපදෙස් මත ගනු ලැබුණු තීන්දුවකි. ඒ සමිබන්ධව ⁣ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව වගකිවයුතු නැති බවද ලේකම්වරයා වැඩිදුරටත් කියයි.

ලේකම්වරයාගේ ප්‍රකාශය අනුව ගැටලු කිහිපයක් මතුවේ ; එකක් , වැරදි උපදෙස් සැපයූවෝ කවරහුද යන්නය. අනෙක ,  වැරදි උපදෙස් සැපයූවන්ට එරෙහිව ගෙන ඇති හෝ ගනු ලබන පියවර කවරේද යන්නය.

ලේකම්වරයාගේ ප්‍රකාශය අනුව ගැටලු කිහිපයක් මතුවේ ; එකක් , වැරදි උපදෙස් සැපයූවෝ කවරහුද යන්නය. අනෙක ,  වැරදි උපදෙස් සැපයූවන්ට එරෙහිව ගෙන ඇති හෝ ගනු ලබන පියවර කවරේද යන්නය.

කෘෂිකර්ම ලේකම්වරයා කියන්නේ , ඉහළ දේශපාලන අධිකාරියට උපදෙස් දෙනවිට නිවැරදි උපදෙස් දිය යුතුය යනුවෙනි. නිවැරදි උපදෙස් දිය යුතු බව සත්‍යයකි. එසේම දෙන දෙන උපදෙස නොපිළිපැදීමට වගකීමක් ජනාධිපති ඇතුළු ආණ්ඩුවටත් පැවරේ. කියන්නා කෙසේ කියුවද අසන්නා සිහිබුද්ධියෙන් යුතුව සවන්දිය යුතුය. පෙනෙන ආකාරයට ආණ්ඩුව උපදෙස් පිළිපැද ඇත්තේ සිහිබුද්ධියෙන් නොවේ. ආණ්ඩුවට ඒ වරද පැවරෙන අතර කෘෂිකර්ම ලේකම්වරයාට ඔහු සිතන තරම් පහසුවෙන් ඒ වරදින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිදහස් කළ හැකි වන්නේ නැත. කෘෂිකර්ම ඇමැතිවරයාත් ජනාධිපතිවරයාත් ආණ්ඩුවේ අනෙකුත් වගකිවයුත්තනුත් මෑතක් වන තුරුම දැඩිව පසුවූයේ ” කාබනික පොහොර පමණි ” යන මතයේබව ඔවුන්ගේ කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද මනාව පැහැදිලි විය.

පෙනෙන ආකාරයට ආණ්ඩුව උපදෙස් පිළිපැද ඇත්තේ සිහිබුද්ධියෙන් නොවේ. ආණ්ඩුවට ඒ වරද පැවරෙන අතර කෘෂිකර්ම ලේකම්වරයාට ඔහු සිතන තරම් පහසුවෙන් ඒ වරදින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිදහස් කළ හැකි වන්නේ නැත.

සෞභාග්‍යයේ දැක්මට තමාත් සහභාගි වූ බව කියන කෘෂිකර්ම ලේකම්වරයා ,  අවශ්‍ය වූයේ , විෂ රහිත ඉහළ ගුණත්වයෙන් යුතු පැළෑටි පෝෂක හඳුන්වා දීම බවද කියයි. ආහාර ⁣භෝග වගාව විෂ රසායනික වලින් තොරව කරන්නට උත්සාහ කිරීම ( ප්‍රායෝගිකව එය කෙතරම් සාර්ථකද ගැටලුව තිබියදීම ) යහපත් යැයි මදකට පිළිගත්තා වුවද විසිතුරු මල් වගා ආදියට යොදන්නට පවා රසායනික පොහොර නොමැති තත්ත්වයක් උදාකිරීම කෙසේවත් සාධරණීකරණය කළ හැකිනොවේ.

ආණ්ඩුව මුලදී කතා ක⁣⁣ළේ දේශීයව කාබනික පොහොර නිපදවන්නටය. ගොවියන් කියන්නේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන මුළුමනින්ම අසාර්ථක බවය. කොම්පෝස්ට්  පිළිබඳ උපදෙස් දීමට නිලධාරියකුවත් නොසිටි බව ගොවීහු පෙන්වාදෙති.

ආණ්ඩුව මුලදී කතා ක⁣⁣ළේ දේශීයව කාබනික පොහොර නිපදවන්නටය. ගොවියන් කියන්නේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන මුළුමනින්ම අසාර්ථක බවය. කොම්පෝස්ට්  පිළිබඳ උපදෙස් දීමට නිලධාරියකුවත් නොසිටි බව ගොවීහු පෙන්වාදෙති.

පොහොර ඉල්ලා ගොවියන් වීදි බසිනවිට ආණ්ඩුව කළේ, ප්‍රශ්නයට විසදුම් ලබාදීම වෙනුවට නාමල් කරුණාරත්නටත් විපක්ෂයටත් විවිධ චෝදනා කිරීම සහ මඩගැසීමය. උද්⁣ඝෝෂකයනට රසායනික පොහොර සමාගම්වලින් කොමිස් ලැබෙන බව කීමය.

පොහොර සම්බන්ධ ආණ්ඩුවේ තීරණය හේතුවෙන් ගොවි ජනතාවත් රටේ ආර්ථිකයත් බරපතළ ගැටලුවකට මුහුණදෙනු ඇතිබවට විද්වත්හු මුලසිටම අනතුරු ඇඟවූහ.ඒ අනතුරු ඇඟවීම්වලට ආණ්ඩුව මුලින් සවන්දුන්නේ නම් අද පවතින ගැටලුව ඇතිවන්නේ නැත.

පොහොර සම්බන්ධ ආණ්ඩුවේ තීරණය හේතුවෙන් ගොවි ජනතාවත් රටේ ආර්ථිකයත් බරපතළ ගැටලුවකට මුහුණදෙනු ඇතිබවට විද්වත්හු මුලසිටම අනතුරු ඇඟවූහ.ඒ අනතුරු ඇඟවීම්වලට ආණ්ඩුව මුලින් සවන්දුන්නේ නම් අද පවතින ගැටලුව ඇතිවන්නේ නැත.

⁣දැන් ඉන්දියාවෙන් නැනෝ යූරියා ගෙනැවිත් ගොවියාට සැපයීමට සූදානම් වේ. එකී පොහොර භාවිතය ගැටලුසහගත බව විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් පෙන්වා දෙති. බඩඉරිඟු ඇතුළු භෝග සමහරක් සඳහා එය භාවිතා කළ නොහැකි වීම එක් ගැටලුවකි.

නැනෝ යූරියා කාබනික පොහොරකි ය යන මතයක් සමාජගත කරන්නට ඇතැමුන් උත්සාහ කරන බවක් ද  පෙනුණි.ඒ කාබනික පොහොර තීරණය නිසා ආණ්ඩුවට ඇතිවූ ලජ්ජාව වසාගන්නටය.

රසායනික පොහොර සහ කෘමි නාශක වල් නාශක තහනම මේ වන විටත් මෙරට ගොවියාටත් ආර්ථිකයටත් මාරාන්තික පහරක් එල්ල කර තිබේ. තේ කර්මාන්තයටත් අපනයන කෘෂිකර්මාන්තයටත් එමගින් සිදුවූ හානිය සුළුපටු නැත. කිරිපිටි ප්‍රශ්නයට බලපෑ ප්‍රධාන හේතුව ඩොලර් හිගයයි. තේ කර්මාන්තය සහ අපනයන කෘෂිකර්මය යනු මෙරටට විදේශ විනිමය සපයන ප්‍රධාන මාර්ග දෙකකි. තමන්ගේ අදූරදර්ශි පිළිවෙත හේතුවෙන්  එකී කර්මාන්ත කඩා වැටෙන්නට ඉඩ හැර ඩොලර්වලට ඇඬීම ලූලා ට යන්නට දී වළ පත අතගෑමක් හා සමානය.

ගොවියාට ලබාදීමට සැරසෙන නැනෝ යූරියා සඳහා ඇති ඉතිහාසය ඉතාමත් කෙටිය. නැනෝ යූරියා මෙරටට සපයන ඉන්දියාව පවා ඒවා මුලින්ම  භාවිත කර ඇත්තේ පසුගිය ජූනි මාසයේදී බව කියැවේ. ඉන්දියාවට පසුව එම පොහොර භාවිතයට ගැනෙන එකම රට ශ්‍රී ලංකාවය.එය එක්තරා ආකාරයකින් මෙරට භූමිය ඉන්දියානු පොහොරකට පර්යේෂණ බිමක් ලෙස භාවිත කරන්නට ඉඩ සලසා දීමක් වශයෙන්ද සලකන්න⁣ට පූළුවන.⁣නැනෝ පොහොර මෙරටදී පර්යේෂණ නොකරම එක එල්ලේම ගොවිබිම් වලට මුදාහැරෙන බව පැවසෙන වටපිටාවක තත්ත්වය වඩාත් බරපතළ වේ. චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොරවල රටට අහිතකර බැක්ටීරියා ඇතිබව දෙවරක්ම තහවුරු වූ බවද මෙහිදී මතක තබා ගත යුතුය.

කාබනික පොහොර තීරණය නැවත හරවා ගැනීම ආණ්ඩුවේ සංවේදීබව පෙන්නුම් කරන සාධකයක් ලෙස අර්ථ දැක්වීමට ඇමැති ඩලස් අලහප්පෙරුම උත්සාහ දරමින් සිටී. ගැටලුව ආණ්ඩුව සංවේදී වීමට ගොවියා නාසය තෙක්ම දියෙහි ගිලෙනතුරු බලා සිටීමය. රාජ්‍ය පාලනයේදී සංවේදී වීමට වඩා වැදගත් වන්නේ දුරදක්නා නුවණින් කටයුතු කිරීමය.එසේම නිවැරදි සැලසුම් සකස් කර නිසි ආකාරයට ක්‍රියාත්මක කරවීමය. ආණ්ඩුව දිගින් දිගටම ඔප්පු කරමින් සිටින්නේ , තමන්ට නිසි සැලසුමක් හෝ දුරදක්නා නුවණක් හෝ නොමැතිබවය.

කාබනික පොහොර තීරණය නැවත හරවා ගැනීම ආණ්ඩුවේ සංවේදීබව පෙන්නුම් කරන සාධකයක් ලෙස අර්ථ දැක්වීමට ඇමැති ඩලස් අලහප්පෙරුම උත්සාහ දරමින් සිටී. ගැටලුව ආණ්ඩුව සංවේදී වීමට ගොවියා නාසය තෙක්ම දියෙහි ගිලෙනතුරු බලා සිටීමය. රාජ්‍ය පාලනයේදී සංවේදී වීමට වඩා වැදගත් වන්නේ දුරදක්නා නුවණින් කටයුතු කිරීමය.

 අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *