වංචාකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කෝප් කමිටුවට බලය ලබා දෙන්න – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

පසුගිය කාලය තුළ කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන 30ක් පමණ විමර්ශන සඳහා කැඳවා තිබෙනවා. මේ ආයතන මගින් සිදුකර තිබෙන රාජ්‍ය මූල්‍ය වංචා සහ මූල්‍ය අපරාධ විශාල ප‍්‍රමාණයක් හෙළිදරව්කරගෙන තිබෙනවා. විදුලිබල මණ්ඩලය වැනි මූල්‍ය වංචා සිදුවූ ආයතන කිහිපයක් සම්බන්ධයෙන් පොදු වාර්තාවක් මේ වනවිට සකස් කරමින් තිබෙනවා. ඒ සඳහා විගණකාධිපතිවරයාගේද සහාය ලබාගෙන තිබෙනවා. ජූනි මස මුලදී එම වාර්තාව සභාගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇතැම් ඇමතිවරුන්ට විමර්ශන වාර්තා ඉදිරිපත්කරලා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් ගත් කි‍්‍රයාමාර්ග පිළිබඳව අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉදිරි වාර්තා මගින් අමාත්‍යාංශ විසින් මේ වනවිට කි‍්‍රයාත්මක වී තිබෙන ආකාරය පිළිබඳවත් ඉදිරියට මෙම මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවත් කෝප් කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
විදුලිබල මණ්ඩලයට අනුබද්ධ පෞද්ගලික සමාගම් අපගේ විමර්ශනවලින් පසුව අයිතිය මාරු කිරීමේ කි‍්‍රයාවලියක් සහ එම සමාගම් අහෝසි කිරීමට උත්සාහ දරමින් තිබෙන බව අපට වාර්තා වෙමින් තිබෙනවා. විදුලිබල මණ්ඩලයට අයවිය යුතු විශාල මුදලක් මණ්ඩලයට අය වීමට ඉඩ නොදී විදුලිබල මණ්ඩලය කැබලි කර එම ආදායම් බුක්ති විඳින පිරිස් ගැන ඉදිරියේදී අපි හෙළිදරව් කරනවා. දැනටමත් විදුලි පෞද්ගලික සමාගම් ගැන විමර්ශනයක් කිරීමට විගණකාධිපතිවරයාට පවරලා තිබෙනවා. ඒ සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ ආයතනයේත් සහාය ලබාගන්නවා. මෙම විදුලි පෞද්ගලික සමාගම් මිලියන ගණනින් ආදායම් උපයා ගන්නවා. ඇතැම් සමාගම්වලට තිබෙන්නේ රුපියල් 10 කොටස් 7ක් වැනි කුඩා ප‍්‍රමාණයක් වුවත් ඔවුන් මිලියන ගණනින් ගනුදෙනු කරනවා. එහෙම වෙන්නේ කොහොමද? ඒ නිසා මේ විමර්ශන කටයුතු කෙරෙන අතර එවැනි වංචාකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කෝප් කමිටුවට බලය ලබා දෙන්න කියලා අපි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම කෝප් කමිටුවට නීතිපතිවරයාගේ නියෝජිතයෙක් ලබාදෙන්න කියලා ඉල්ලා තිබෙනවා.
කෘෂි රක්‍ෂණ මණ්ඩලයේ සභාපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදාගෙන ඔහුගේ කොටස් තිබෙන පෞද්ගලික රක්‍ෂණ සමාගමක රක්‍ෂණ කටයුතු සිදුකර තිබෙනවා. රජයේ ආයතනයක සභාපතිවරයෙක් පෞද්ගලික ආයතනයක හිමිකරුවෙක් වෙන්නේ කොහොමද? ඒ වගේම රජයේ නිලධාරීන් පාවිච්චි කරලා පෞද්ගලික සමාගම්වල රක්‍ෂණ කටයුතු සිදුකරන්නේ කොහොමද? එනිසා ඔහුගේ තනතුර පිළිබඳව තීරණයක් ගන්න පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට යොමුකරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභාවල තීන්දුවලට එහා ගොස් ඇමතිවරුන් තීරණ ගන්න තත්වයක් මතුවෙලා තිබෙනවා. කෝප් කමිටුවෙන් දෙන නිර්දේශ අමාත්‍යාංශ විසින් ඇමතිවරු විසින් අනුගමනය නොකරන්නේ නම් එය ගැටලූසහගතයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන දීමනාවෙන් අරමුදලක් හදනවා කියලා එස්.බී.දිසානායක ඇමතිවරයා රුපියල් 100ක් කපා ගත්තා. එය කෝප් කමිටුවෙන් අත්හිටෙව්වාම ඇමතිවරයා විසින් එම කි‍්‍රයාවලිය සාධාරණීකරණය කරලා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ලිපි ලියනවා. එස්.බී. දිසානායක කළ යුත්තේ කෝප් කමිටුවේ නිර්දේශ පිළිගැනීම මිස තමන්ගේ තීරණ කි‍්‍රයාත්මක කිරීම නෙවෙයි.
මේ දේශපාලනඥයින් වංචා-¥ෂණවලට ඥාතිකම් කියනවා. ඔවුන් දේශපාලනයට එන්නේම වංචා-¥ෂණ කිරීම සඳහාමයි. ඒ ක‍්‍රමය වැළැක්වීම කෝප් කමිටුවට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මෙම අවනඩුව ජනතාව හමුවට ගෙනයා යුතුයි. මොකද, මොවුන් සොරා කන්නේ මහජන මුදල්. ජනතාව විසින් පත්කරගන්නා ආණ්ඩුව ජනතා මුදල් කොල්ලකනවා නම් ඒ අවනඩුව කියන්න වෙන්නේත් ජනතාවටමයි. ¥ෂිතයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම සිදුකළ යුත්තේ නීතිපතිවරයා, අධිකරණය, අල්ලස් කොමිසම වැනි ආයතනයි. ඒ ආයතනත් කටයුතු කරන්නේ දේශපාලනඥයන්ගේ වුවමනාවට නම් ඒ සම්බන්ධයෙන් තීරණ ගතයුතු වන්නේ ජනතාවයි. ඒ නිසා අපි යෝජනා කරනවා, කෝප් කමිටුව සහ අනෙකුත් ගිණුම් කාරක සභා මාධ්‍යයට විවෘත කරන්න කියලා. බොහෝ රටවල්වල ඒ ක‍්‍රමය කි‍්‍රයාත්මක වෙනවා. ඒ සඳහා නීතිමය තත්වය වෙනස් කරන්න කියලා අපි කථානායකවරයාගෙන් ඉල්ලනවා. මෙම ගිණුම් කාරක සභාවල විමර්ශන, මාධ්‍ය හරහා ජනතාවට හෙළිදරව් කරන්න  ඕනෑ.
මේ ආණ්ඩුව පත්වීමත් සමඟ සියලූ දෙනාගේ එකඟත්වය මත විගණන සේවා කොමිසමක් පිහිටෙව්වා. ඒ මගින් විගණකාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික විගණන පනත් කොටුම්පතක් සකස් කරලා කැබිනට් එකට ඉදිරිපත් කළා. එහිදී ඇමතිවරුන් හතර දෙනෙකුගේ අනු කමිටුවක් මගින් ජාතික විගණන පනතේ ඇතැම් යෝජනා කප්පාදු කරන්න කටයුතු කරනවා. විගණන පනත මගින් යෝජනා කර තිබූ ඉහළ නිලධාරීන්ට අධිභාර පැනවීමේ අයිතිය පනතෙන් ඉවත් කරනවා. ඇමතිවරුන් ඉදිරිපත් වෙලා නිලධාරීන් ආරක්‍ෂා කරන්න කටයුතු කරනවා.  ඇත්තට යහපාලනය කි‍්‍රයාත්මක කරන්න අවශ්‍ය නම් මේවා හරි විදියට කි‍්‍රයාත්මක කරන්න කියලා අපිි ආණ්ඩවුට බල කරනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *