|

රජයට කැමති ලෙස ජීවත් වෙමු ද ? ජනතා කැමත්තට ඉඩ දෙමු ද? – ධනනාත් ප්‍රනාන්දු

ජීවන් තොණ්ඩමන් මහතාගෙන් එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී මධ්‍යව්දියෙක් ප්‍රශ්නයක් ඇසීය. එය නම්  “ඔබතුමා මොකක්ද වතුකරයේ සංවර්ධනය කියල හිතන්නේ, වතුකරයේ වැඩ කරන මිනිස්නුන්ට ගෙවල් හදල දෙන එක නෙවෙයිද සංවර්ධනය කියන්නේ?” යනුවෙනි. එවිට ඔහු ලබාදුන්නෙ ගැඹුරු පිළිතුරක්. “මම ගෙවල් 5ක් හැදුවා කියල ඇවිල්ල කියනවා, තව කෙනෙක් ගෙවල් 10ක් හැදුවා කියල කියනවා. අපි වතුකරයේ ගෙවල් හැදුවා කියන එකවත්, වතුකරයේ මිනිස්සුන්ට අපි ගෙවල් හදල දෙන එකවත් නෙවෙයි සංවර්ධනය කියන්නේ. අපි කොච්චර ගෙවල් හැදුවත් වතුකරය සංවර්ධනය වෙන්නේ නෑ. වතුකරය සංවර්ධනය වෙන්නේ වතුකරයේ මිනිස්සු ඔවුන් කැමති ගෙවල්, ඔවුන්ටම අයිතිය තියන ඉඩමක ඔවුන් කැමති විදියට හදාගත්ත දවසට විතරයි” ඒ තමයි ඔහුගෙ පිළිතුර.

ඔහුගේ පිළිතුර තුළ තිබූ මූලිකම කොටස නම් මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කිරීමට තෝරා ගැනීමට දෙන අයිතියයි. එය නිවාසවලට පමණක් නොව ජීවිතයේ සෑම දෙයකටම වැදගත්ය. රජය කල්පනා කරනුයේ රජය දෙන භාණ්ඩ ජනතාව පරිභෝජනය කළ යුතු බවයි. එයද වතුකරයේ මිනිස්සුන්ට දේශපාලකයන්ගෙ කැමැත්තට කැමති ගෙවල් හැදීම වැනි දෙයකි.

මූලිකම කොටස නම් මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කිරීමට තෝරා ගැනීමට දෙන අයිතියයි. එය නිවාසවලට පමණක් නොව ජීවිතයේ සෑම දෙයකටම වැදගත්ය. රජය කල්පනා කරනුයේ රජය දෙන භාණ්ඩ ජනතාව පරිභෝජනය කළ යුතු බවයි. එයද වතුකරයේ මිනිස්සුන්ට දේශපාලකයන්ගෙ කැමැත්තට කැමති ගෙවල් හැදීම වැනි දෙයකි.

තෝරා ගැනීමේ අයිතිය එක එදිනෙදා භාවිත කරන භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් ඒ විදියටම බලපානු ලබයි. මේ දිනවල භාණ්ඩවල මිල ඉහළ යාමත් සමග භාණ්ඩ මිල අසාමන්‍ය ලෙසින් ඉහළ යන්නේ ඇයිද යන්න ගැටලුවකි. එමෙන්ම රජයටද භාණ්ඩ මිල ඉහළ යෑම දැඩි පීඩාවකි.  එනිසා ඒ වෙනුවෙන් රජය නොයෙකුත් විසදුම් අත්හදා බලයි. එහිදී බොහෝ දෙනා භාණ්ඩ මිල අඩු කිරීමට දෙන යෝජනාව නම්  “මිල පාලනයයි. එමෙන්ම භාණ්ඩ වෙනුවෙන් සහනාධාර ලබාදීමයි. සතොස හරහා  භාණ්ඩ අඩුවට විකිණීමයි. අනෙක් විකල්පය නම්  මිනිස්සුන්ගෙ පඩිය වැඩි කිරීමයි.

නමුත් මා නම් පවසන්නේ මේ ප්‍රශ්නයට විසඳුම ඇත්තේ මිනිස්සුන්ට තෝරා ගැනීමට තිබෙන හැකියාව සහ නිදහස වැඩි කිරී‍මෙන් බවයි. එමගින් බඩු මිලට එල්ල වෙන බලපෑම මෙන්ම වැඩිවන බඩු මිලට අනුව ජීවන වියදම අඩු කර ගැනීමට ජනතාවට හැකි වේ.

ඇයි බඩු මිල වැඩි වෙන්නේ?

භාණ්ඩවල මිල වැඩි වෙන්න හේතු කිහිපයකි. එකක් නම් ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩවල මිල සීග්‍රයෙන් ඉහළ යෑමය. ලෝකයේ රටවල් ක්‍රමයෙන් කොවිඩ් තත්ත්වයෙන් මිදී ලෝක ආර්ථිකය සක්‍රිය වීමත් සමග භාණ්ඩවල ඉල්ලුම ඉහළ යන නිසා භාණ්ඩවල මිල ඉතා සීග්‍රයෙන්ය ඉහළ යයි. එමෙන්ම නාවික ගමන් ගාස්තුත් ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය නොවැම්බර් මස ඇමරිකානු ඩොලර් 42ක් ව පැවති බොරතෙල් බැරලයක මිල දැන් ඇමරිකානු ඩොලර් 83කි. ලෝකයේම භාණ්ඩවල මිල ඉහළ යාම භාණ්ඩ මිල ඉහළ යාමට එක හේතුවකි. එය මුළු ලෝකයටම බලපාන තත්ත්වයකි.

නමුත් ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය ඊට වඩා වැඩිපුර බලපානු ලබන්නේ අපේ විදේශ මුදල් වල ඇති හිඟය නිසා සහ අපේ රුපියල අවප්‍රාමාණය වීමත් සමගය. මෙම තීරු ලිපියෙන් වතාවන් ගණනාවකදීම සටහන් කළ පරිදි මුදල් මුද්‍රණය හෙවත් මූල්‍ය පද්ධතියේ මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ විනිමය අර්බුදයට ප්‍රධානම හේතුවයි. භාණ්ඩ මිලට සහ උද්ධමනයට එය බලපානු ලබන්නේ අපගේ රුපියල අවප්‍රමාණය වීමෙන් ආනයනික භාණ්ඩ වල මිල වැඩි වීමත් සමගයි. දැනට අප රුපියලට ලබා දී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රු. 203ක කෘත්‍රිම අගයකි. එම මිලට මිලදී ගැනීමට වෙළෙඳ පොළේ ඩොලර් නොමැති බව රහසක් නොවේ. එනිසා භාණ්ඩවල මිලට ඩොලරයේ සත්‍ය අවප්‍රමාණය වීමත් බලපානු ලබයි. අවප්‍රමාණය වන රුපියල සහ ලෝකයේ වැඩිවන භාණ්ඩ මිල  ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනිනවා සේ පාරිභෝගිකයා ඉතා අපහසුතාවට පත්කිරීමකි.

රජයට සහනාධාර ලබා දීමෙන් හෝ සතොස හරහා භාණ්ඩ ගෙන්වීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?

කිසිසේත්ම නොහැක. එක අතකින් රජයට සහනාධාර ලබාදීමට තරම් මුදලක් අප සතුව නැත. දැනටමත් රජයේ බදු ආදායමෙන් 86%ක්ම යන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි නඩි සහ විශ්‍රාම වැටුප් සඳහාය. එනිසා සහනාධාර ක්‍රම මගින් හෝ සතොස හරහා කිරීමට උත්සාහ කිරීම විසඳුමක් නොවේ. එයින් වන්නේ රජය තවත් මුදල් මුද්‍රණයට යොමුවීමෙන් ප්‍රශ්නය තවත් උග්‍රවීම පමණි.

රජය පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමෙන් සිදුවුණේ කුමක්ද?

මුලින්ම ප්‍රශ්නය වී තිබුණේ පාලන මිලක් පනවා තිබුණත් එම මිලට කිසිදු වෙළෙඳසලක භාණ්ඩ නොතිබීමයි. එයට හේතුව ලෝකයේ භාණ්ඩවල මිල ඉහළ යන තත්ත්වයක් තුළ එම භාණ්ඩ වෙළඳ පොළට සපයන ව්‍යාපාරිකයන්ට අඩු මිලකට භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කිරීම ආර්ථික වශයෙන් පාඩුවක් මිස වාසියක් නොවීමයි. ඒ අනුව පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මිල ඉහළ යනු ලැබූවත් මූලික අරමුණ වූයේ වෙළෙඳපොළට ප්‍රමාණවත් තරම් භාණ්ඩ නිකුත් වීමට සැලසීමයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ භාණ්ඩ වල මිල ඉහළ ගියත් වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟය ක්‍රමයෙන් පහව යා යුතුයි. ඒ අනුව මිල පාලන නීති ඉවත් කිරීම ජනප්‍රිය තීරණය නොවුණත් නිවැරදි තීරණයකි. භාණ්ඩ වෙළෙඳ පොළේ නොමැතිනම් පාලන මිලක් තිබෙන්නන් වාලේ තිබීම කිසිම ඵලක් නැති ක්‍රියාවකි. නමුත් එමගින් ඉහළ යන මිලෙන් ජනතාව අපහසුතාවට පත්වන බව සත්‍යයකි. භාණ්ඩ නොමැතිවීම, පෝළිම්වල සිටීම මෙන්ම භාණ්ඩවල මිල ඉහළ යාමෙන් යන තරුණු තුන ජනතාව අපහසුතාවට පත්කරන්නකි.

මිල පාලන නීති ඉවත් කිරීම ජනප්‍රිය තීරණය නොවුණත් නිවැරදි තීරණයකි. භාණ්ඩ වෙළෙඳ පොළේ නොමැතිනම් පාලන මිලක් තිබෙන්නන් වාලේ තිබීම කිසිම ඵලක් නැති ක්‍රියාවකි. නමුත් එමගින් ඉහළ යන මිලෙන් ජනතාව අපහසුතාවට පත්වන බව සත්‍යයකි. භාණ්ඩ නොමැතිවීම, පෝළිම්වල සිටීම මෙන්ම භාණ්ඩවල මිල ඉහළ යාමෙන් යන තරුණු තුන ජනතාව අපහසුතාවට පත්කරන්නකි.

පඩි වැඩි කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?

පුද්ගලික අංශයේ පඩි වැඩිවීම සැබැවින්ම එම ආයතනවල තීරණයකි. නමුත් ඔවුන්ට පඩි වැඩි කළ හැකි වන්නේ ඔවුන්ගේ අදායමත් ඒ හා සමානව ඉහළ යන්නේ නම් පමණකි. රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක් ලබා දීමට තරම් රජයට මූල්‍ය හැකියාවක් තිබෙන බවක් නොපෙනේ. එලෙස පඩි වැඩිවීමක් ලබා දෙන්නේ නම් නැවතත් එය සිදු කළ හැකිවන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් පමණි. එය එලෙස සිදුවුවහොත් නැවත භාණ්ඩ පරිභෝජනය යථා තත්ත්වයට පත් වීමෙන් වැඩිපුර මුදල් භාණ්ඩ පසුපස හඹායාමෙන් අධික උද්ධමනාකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. එනිසා මේ ප්‍රශ්නයට ඇති විසඳුම අපගේ පරිභෝජනය සීමා කිරීම පමණි.

පරිභෝජනය සීමා කිරීමේදී වැදහත්ම දෙයක් වන්නේ තෝරා ගැනීමට ඇති අයිතියයි. එමගින් ජනතාවට එකම භාණ්ඩය වෙනුවට තෝරාගැනීමට විවිධ භාණ්ඩ සඳහා මිල ගණන් අඩු වෙනත් භාණ්ඩ තෝරා ගැනීමේ වැඩි අවස්ථාවන් ගණනාවක් උදාවේ.

භාණ්ඩ මිල වැඩිවීමේදී විවිධ පවුල් ඒකක ඒ සඳහා පරිභෝජනය අඩු කරන ආකාර එකිනෙකට වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස කිරිපිටි මිල වැඩිවීමෙන් කිරිපිටි සඳහා යන වියදම ස්ථාවරව තබා ගැනීමට සමහර පවුල් ඒකක එක කිරිපිටි කෝප්පයක් වෙනුවෙන් යොදවන කිරි පිටි ප්‍රමාණය අවම කිරීමට අවස්ථාව ඇත. තවත් පවුල් ඒකකවල මව සහ පියා කිරිපිටි භාවිත කිරීම වෙනුවට දරුවන්ට පමණක් කිරිපිටි ලබා දෙමින් වැඩිහිටියන් කිරිපිටි නොමැතිව තේ කහට ට මාරු විය හැකියි. තවත් සමහර අවස්ථාවල දින හතම කිරිපිටි පරිභෝජනය වෙනුවට තෝරාගත් දිනවල පමණක් කිරිපිටි පරිභෝජනය කළ හැකියි. තවත් සමහර පවුල් ඒකක පවුලේ වෙනත් විනෝදාත්මක වියදම් කපා හැර දිගටම එම අයුරින්ම කිරිපිටි පරිභෝජනය කිරීමටත් ඉඩ තිබේ. මේ අයුරින් විවිධ පවුල් ඒකක ඔවුන්ට වඩාත් ගැළපෙන ක්‍රම අනුව අනුගත වීමයි බොහෝ වෙලාවට සිදුවන්නේ. සරළවම කියනවා නම් ඔවුන්ට ගැළපෙන වියදම් අඩු කිරීමේ ක්‍රමයක් ඔවුන් තෝරා ගනු ලබයි.

එලෙස අනුගත වීමටනම් ඔවුන්ට තෝරා ගැනීමේ අවස්ථාව තිබිය යුතුය. ඒ සඳහා එම ආදේශක භාණ්ඩවලට වෙළෙඳ පොළට පහසුවෙන් ඇතුළු වීමට අවස්ථාව සපයා දීම කළ යුතුය. ගෑස් මිල වැඩි වීමත් සමගම දැන් භූමිතෙල් සහ දර ලිප් භාවිතය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව එවැනි ආදේශක සැපයුම්කරුවන්ට ඉක්මනින් වෙළඳ පොළට ඇතුළුවීමට හැකියාව ලබාදීමත් එලෙස ඇතුළුවීමට ඇති බාධා ඉවත් කිරීමත් මූලික වශයෙන්ම සිදු කළ හැක.

ලෝක වෙළඳපොළේ බොරතෙල්වල මිල වැඩිවීමත් සමග ඉදිරියේදී තෙල් මිල ඇතුළු සියලුම භාණ්ඩවල මිල වැඩිවීමක් අපේක්ෂා කරයි. ඒ අනුව ඉදිරියේදී ජනතාවට තවදුරටත් තම පටි තද කර ගැනීමට සිදුවනු ඇති.

නමුත් රජය අපගේ බඩු මිල අඩු කරනු ඇතැයි අපේක්ෂා කිරීම හෝ රජය අපට තෝරාදෙන ආහාර ලබා ගැනීම මගින් රටක් කිසිදිනක ඉදිරියට යනු නැත. අප දශක ගණනාවක් අත්හදා බැලූ ක්‍රමය වූයේ රජය භාණ්ඩ අඩු මිලට ලබාදීමේ ක්‍රමයයි. එය එලෙස කළ හැකි බවට පත්වූ බොහෝ රජයන් බොරු පොරොන්දු දීමෙන් ජනතාවත් ඒ පිළිබඳව වැඩි සහ අනවශ්‍ය බලාපොරොත්තු තබා ගනු ලැබීය. නමුත් එය කිසිදා කළ හැක්කක් නොවේ. භාණ්ඩවල මිල අවම කළ හැක්කේ තෝරා ගැනීමට වැඩි අවස්ථාවක් ලබාදීමෙන් සහ තරගකාරීත්වය විවෘත වීමෙන් පමණි. වෙනත් ක්‍රමවලින් අවසනාවකට වගේ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය. එලෙස විසඳුම් සෙවිය නොහැක්කේ අපගේ ප්‍රශ්නය එතරම්ම ගැඹුරු සහ ඛේදනීය නිසාය.

අප දශක ගණනාවක් අත්හදා බැලූ ක්‍රමය වූයේ රජය භාණ්ඩ අඩු මිලට ලබාදීමේ ක්‍රමයයි. එය එලෙස කළ හැකි බවට පත්වූ බොහෝ රජයන් බොරු පොරොන්දු දීමෙන් ජනතාවත් ඒ පිළිබඳව වැඩි සහ අනවශ්‍ය බලාපොරොත්තු තබා ගනු ලැබීය. නමුත් එය කිසිදා කළ හැක්කක් නොවේ. භාණ්ඩවල මිල අවම කළ හැක්කේ තෝරා ගැනීමට වැඩි අවස්ථාවක් ලබාදීමෙන් සහ තරගකාරීත්වය විවෘත වීමෙන් පමණි. වෙනත් ක්‍රමවලින් අවසනාවකට වගේ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය.

තවත් වසර ගණනාවකින් හෝ අපට අලුත් සහ සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගැන සිතිය හැක්කේ අපිට රජය දෙන දේ කෑම, රජය කියන දේ ඉගෙනීම, රජය කියන විදියට සිටීම, රජය දෙන රස්සා කිරීම, රජය ගෙනෙන පොහොර භාවිතය වැනි රජය කැමති දේ අපට බලෙන් කරවීම වෙනුවට අපිට කැමති දේ අපිට කැමති විදියට [වෙන කෙනෙක්ට හානියක් නොවන ලෙස] කිරීමට අවස්ථාව තිබීමෙනි. එමෙන්ම කිසිම රජයක් ජනතාව තරම් බුද්ධිමත් නොවන බවත් අප මතක තබා ගත යුතුය. ඔවුන් බුද්ධිමත් තීරණ ගත්තා නම් අද ලෝකයේ බොහෝ භාණ්ඩ ගෙදර දොරකොඩටම ගෙනැත් දෙන යුගයක, අපි කිරිපිටි ගෑස් වැනි සරළ භාණ්ඩ මිලදී ගැනීමට පෝළිම්වල කාලය නාස්ති නොකරනු ඇත. අපි, අප වෙනුවෙන් තීරණ ගන්නා තරමට සහ රජය අපගේ තීරණවලින් ඈත් කරන තරමට අපගේ ජීවිතය පහසු වනු ඇත. ශ්‍රී ලංකාවට මේ ඉරණම උදාවී ඇත්තේ රජයන් ගත් තීරණ නිසාම වේ. ශ්‍රී ලාංකිකයන් තමන්ට තමන් කැමති තීරණ ගැනීමට ඉඩදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියානම් රටේ ඉරණම මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබුණි.

ධනනාත් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *