වැට් බද්ද පනවා තියෙන්නේ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරවයි – ජ.වි.පෙ. නායක අනුර දිසානායක

මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් සිටම අපි කිව්වා, ඔවුන් ගෙනයන ආර්ථිකය ජනතාවට හිතකර නැහැ කියලා. ඒ වගේම මේ ආණ්ඩුව ගැන සහතිකයක් දෙන්න බැරි බවත් අපි කිව්වා. ඔවුන්ගේ ආර්ථික ක‍්‍රමය වෙනුවට වෙනස් ආර්ථික ක‍්‍රමවේදයක් මේ රටට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාවකුත් අපි මැතිවරණයට පෙර ජනතාව හමුවේ තැබුවා. නමුත් ජනතාව එම වෙනස් ආර්ථික ක‍්‍රමවේදයක් බලයට පත්කරනවා වෙනුවට මේ ආණ්ඩුව බලයට ගෙනාවා.
මේ ආණ්ඩුවට දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙලා තිබෙනවා.  ඕනෑම ආණ්ඩුවක ආර්ථික ගමන මැන බැලීමට අවුරුදු එකහමාරක් වැනි කාලයක්  ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්. මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙලා අවුරුදු එකහමාරක් වෙනවා. රනිල් වික‍්‍රමසිංහ අගමැති වෙලා, රවී කරුණානායක මුදල් ඇමති වෙලා අවුරුදු එකහමාරක් ගතවෙලා තිබෙනවා. ඒ කාලය තුළ ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති තමන්ගේ ජීවිත අඟලක්වත් ඉදිරියට ගෙනයාමට අසමත් බව ජනතාවට දැන් ඒත්තු ගැන්විලා තිබෙනවා.
වී ගොවියාට වීවලට සාධාරණ මිලක් නැහැ. තේ ගොවියාට තේවලට සාධාරණ මිලක් නැහැ. රබර්වලට සාධාරණ මිලක් නැහැ. ඒ වගේම මේ ආර්ථිකයේ ගැඹුරට ගියාම සියලූම ක්‍ෂේත‍්‍රයන් කඩා වැටිලා. රුපියලේ අගය විශාල ලෙස කඩා වැටුණා. එක් ඩොලරයක් සඳහා රුපියල් 147ක් ගෙවන්න සිදුවෙලා. විශාල ණය කන්දක හිරවෙලා. සැමන් ටින් එකක් ඩොලර් එකකට ගෙනාවා නම් මීට පෙර අපිට ගෙවන්න සිදුවුණේ රුපියල් 130යි. නමුත් දැන් ඩොලර් එකකට සැමන් ටින් එකක් ගෙනාවොත් රුපියල් 147ක් ගෙවන්න සිදුවෙලා. රුපියල කඩා වැටීම නිසා රෙදිපිළි, කාර්මික භාණ්ඩ ඇතුළු සියලූ ආනනික භාණ්ඩ සඳහා මිල 15%-20%ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ යනවා.
ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව මැයි මාසයේ 02දා ඉඳලා වැට් එක වැඩිකළා. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලමේන්තුවට. ඒ අනුව වර්ෂයකට රටේ ආදායම්, වියදම් වාර්තාවක් ලෙස අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ ආණ්ඩුව පසුගිය 2015 නොවැම්බර් මාසයේ 2016 වර්ෂය සඳහා ආණ්ඩුව ආදායම් ලබාගන්නා ආකාරයත් වියදම් සිදුවන ආකාරයත් අයවැය මගින් ඉදිරිපත් කළා. දින 26ක් වැනි දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ විවාද කරලා පසුගිය දෙසැම්බර් මාසයේ අයවැය සම්මත කරගත්තා. ඒ වෙලාවේ ආණ්ඩුව කිව්වේ තමන් 2/3ක අධික බලයකින් අයවැය සම්මත කරගත්තා කියලා. ඒ මොහොතේ සමහර ක්‍ෂේත‍්‍ර සඳහා වැට් ඉවත්කර තිබුණු අතර සමහර ක්‍ෂේත‍්‍ර සඳහා 11%කුත් තවත් ක්‍ෂේත‍්‍ර සඳහා 8%කුත් වැට් බදු වශයෙන් නිර්දේශ කර තිබුණා. 2016 වර්ෂයට අදාල වැට් එක 2/3ක බහුතරයකින් සම්මත වුණේ ඒ විදිහටයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් අයවැයට එකඟ වෙනකොට අපි විරුද්ධව ඡුන්දය පාවිච්චි කළා. අයවැය ඒ විදිහට සම්මත වෙලා තිබියදී අගමැතිවරයා මාර්තු මාසයේදී පාර්ලමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමින් කිසිදු සාකච්ඡුාවකින් තොරව බදු වැඩිකරනවා. එහිදී මීට පෙර වැට් බදු අය නොකරන ලද ක්‍ෂේත‍්‍ර ගණනාවක් සඳහා වැට් බද්ද පනවනවා. ඊට පෙර වැට් බදු අය නොකරන ලද සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට පවා වැට් බද්ද පනවනවා. මුදල් අමාත්‍යාංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලද ලේඛනවල පැහැදිලිව මේ බව සඳහන් වෙනවා. සිල්ලර බඩු සඳහා 8% සිට 15% දක්වා වැට් බදු වැඩිකර තිබෙනවා. ඇතැම් ක්‍ෂේත‍්‍ර සඳහා 11% සිට 15%දක්වා වැට් බදු වැඩිකර තිබෙනවා. පහුගියදා ඒකාබද්ධ වෙළඳ සංගමය විසින් ජනතාවගේ දැනගැනීම සඳහා මේ සම්බන්ධයෙන් දැන්වීමක්ද පළකොට තිබුණා. ඒ අනුව බේකරි හිිමියන් පවසනවා, බනිස් ගෙඩියක් සඳහා රුපියල් 5ක්වත් මිල වැඩි කළ යුතුයි කියලා. හෝටල් හිමියන් පවසනවා කෑම පැකට් එකක මිල රුපියල් 20කින්වත් වැඩිකළ යුතුයි කියලා. මේ බදු වැඩිකිරීමට අනුව ජල බිල්පතේ අගය වැඩිවෙනවා. ආණ්ඩුව දැන් කියනවා, තමන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වැට් අයකරන්නේ නැහැ කියලා. අපි අහන්නේ වතුර, බනිස් ගෙඩිය, කෑම පැකට් එක, බෙහෙත් ටික, දුරකතන බිල, විදුලි බිල ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා නෙවෙයිද කියලා? ආණ්ඩුව කොහොමද කියන්නේ ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට වැට් බදු අයකරන්නේ නැහැ කියලා? අප භාවිත කරන පෙර ගෙවුම් දුරකතන සම්බන්ධතා සඳහා රු. 100ක් රීලෝඞ් කළොත් ආණ්ඩුව රු.50කට ආසන්න මුදලක් බදු වශයෙන් අයකර ගන්නවා. ඒ අනුව සියලූ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මත ආණ්ඩුව විශාල බදු බරක් ජනතාව මත පටවලා තිබෙනවා.
ජනතාවට එහෙම කරද්දී අයවැයෙන් සම්මත නොකරන ලද විශාල මුදල් ප‍්‍රමාණයක් ආණ්ඩුව විසින් තමන්ගේ පරිභෝජනයට වෙන්කරගෙන තිබෙනවා. මේ ආණ්ඩුව පසුගිය බ‍්‍රහස්පතින්දා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් විවිධ අමාත්‍යාංශ සඳහා විශාල මුදලක් මේ වෙනකොටත් වෙන්කරගෙන අවසන්. අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහා ප‍්‍රභූ ආරකක්‍ෂක වාහන දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5943ක් වෙන්කරගෙන තිබෙනවා. වාහන දෙකක් සඳහා රු. ලක්‍ෂ 6,000ක් වැයකරන්නේ කොහොමද? විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දුගේ ඇමති නිල නිවාසය ප‍්‍රතිසංස්කරණයට රු. 4,260,000ක් වෙන්කරගෙන තිබෙනවා. ඊට අමතරව තැපැල් සේවා හා මුස්ලිම ආගමික කටයුතු ඇමතිතුමාගේ නිල නිවාසය අලූත්වැඩියාව සඳහා රු. 8850,000ක් වෙන්කර ගන්නවා. සාමාන්‍ය ජනතාවට නිවසක් හදාගන්න ලබා දෙන්නෙත් රුපියල් ලක්‍ෂ 3ක ණය මුදලක් පමණයි. එසේ තිබියදී ඇමතිවරයෙකුගේ නිල නිවාසය අලූත්වැඩියාවට රු. ලක්‍ෂ 88ක් වෙන්කර ගන්නවා. ඒ වගේම එම අමාත්‍යාංශයේ සංස්කෘතික ගොඩනැගිලි සංකීර්ණයක් සඳහා රු. ලක්‍ෂ 1160ක් වෙන්කරගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යසාය සංවර්ධන ඇමති කබීර් හෂීම්ගේ අමාත්‍යාංශ කාර්යාල පරිශ‍්‍රය සැකසීමට රු. ලක්‍ෂ 600ක් වෙන්කරගෙන තිබෙනවා. මේ ඇමතිවරුන්ගේ වියදම් සඳහා පමණක් රු. ලක්‍ෂ 7000කට අධික මුදලක් වෙන්කරගෙන තිබෙනවා.
ඒ නිසා අපිි මෙම බදු කි‍්‍රයාවලිය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ජනතාව දැනුවත් කිරීමේ පති‍්‍රකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. ඒ වගේම ඉදිරි සතියේදී මේ ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තියට එරෙහිව විශාල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. ජනතාවගේ ලේ නහර කපා ලේ අරගෙන අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයේ උදර පෝෂණයට යොදා ගන්නා මේ ආණ්ඩුවේ බදු කි‍්‍රයාවලිය ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කළ යුතුයි. එමෙන්ම මෙම කි‍්‍රයාවලිය පරාජයට පත්කළ යුතුයි.
මනෝජ් රූපසිංහ

ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා අදහස් දක්වමින්….
පසුගිය කාලය තුළ කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන 30ක් පමණ විමර්ශන සඳහා කැඳවා තිබෙනවා. මේ ආයතන මගින් සිදුකර තිබෙන රාජ්‍ය මූල්‍ය වංචා සහ මූල්‍ය අපරාධ විශාල ප‍්‍රමාණයක් හෙළිදරව්කරගෙන තිබෙනවා. විදුලිබල මණ්ඩලය වැනි මූල්‍ය වංචා සිදුවූ ආයතන කිහිපයක් සම්බන්ධයෙන් පොදු වාර්තාවක් මේ වනවිට සකස් කරමින් තිබෙනවා. ඒ සඳහා විගණකාධිපතිවරයාගේද සහාය ලබාගෙන තිබෙනවා. ජූනි මස මුලදී එම වාර්තාව සභාගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇතැම් ඇමතිවරුන්ට විමර්ශන වාර්තා ඉදිරිපත්කරලා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් ගත් කි‍්‍රයාමාර්ග පිළිබඳව අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉදිරි වාර්තා මගින් අමාත්‍යාංශ විසින් මේ වනවිට කි‍්‍රයාත්මක වී තිබෙන ආකාරය පිළිබඳවත් ඉදිරියට මෙම මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවත් කෝප් කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
විදුලිබල මණ්ඩලයට අනුබද්ධ පෞද්ගලික සමාගම් අපගේ විමර්ශනවලින් පසුව අයිතිය මාරු කිරීමේ කි‍්‍රයාවලියක් සහ එම සමාගම් අහෝසි කිරීමට උත්සාහ දරමින් තිබෙන බව අපට වාර්තා වෙමින් තිබෙනවා. විදුලිබල මණ්ඩලයට අයවිය යුතු විශාල මුදලක් මණ්ඩලයට අය වීමට ඉඩ නොදී විදුලිබල මණ්ඩලය කැබලි කර එම ආදායම් බුක්ති විඳින පිරිස් ගැන ඉදිරියේදී අපි හෙළිදරව් කරනවා. දැනටමත් විදුලි පෞද්ගලික සමාගම් ගැන විමර්ශනයක් කිරීමට විගණකාධිපතිවරයාට පවරලා තිබෙනවා. ඒ සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ ආයතනයේත් සහාය ලබාගන්නවා. මෙම විදුලි පෞද්ගලික සමාගම් මිලියන ගණනින් ආදායම් උපයා ගන්නවා. ඇතැම් සමාගම්වලට තිබෙන්නේ රුපියල් 10 කොටස් 7ක් වැනි කුඩා ප‍්‍රමාණයක් වුවත් ඔවුන් මිලියන ගණනින් ගනුදෙනු කරනවා. එහෙම වෙන්නේ කොහොමද? ඒ නිසා මේ විමර්ශන කටයුතු කෙරෙන අතර එවැනි වංචාකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කෝප් කමිටුවට බලය ලබා දෙන්න කියලා අපි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම කෝප් කමිටුවට නීතිපතිවරයාගේ නියෝජිතයෙක් ලබාදෙන්න කියලා ඉල්ලා තිබෙනවා.
කෘෂි රක්‍ෂණ මණ්ඩලයේ සභාපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදාගෙන ඔහුගේ කොටස් තිබෙන පෞද්ගලික රක්‍ෂණ සමාගමක රක්‍ෂණ කටයුතු සිදුකර තිබෙනවා. රජයේ ආයතනයක සභාපතිවරයෙක් පෞද්ගලික ආයතනයක හිමිකරුවෙක් වෙන්නේ කොහොමද? ඒ වගේම රජයේ නිලධාරීන් පාවිච්චි කරලා පෞද්ගලික සමාගම්වල රක්‍ෂණ කටයුතු සිදුකරන්නේ කොහොමද? එනිසා ඔහුගේ තනතුර පිළිබඳව තීරණයක් ගන්න පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට යොමුකරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභාවල තීන්දුවලට එහා ගොස් ඇමතිවරුන් තීරණ ගන්න තත්වයක් මතුවෙලා තිබෙනවා. කෝප් කමිටුවෙන් දෙන නිර්දේශ අමාත්‍යාංශ විසින් ඇමතිවරු විසින් අනුගමනය නොකරන්නේ නම් එය ගැටලූසහගතයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන දීමනාවෙන් අරමුදලක් හදනවා කියලා එස්.බී.දිසානායක ඇමතිවරයා රුපියල් 100ක් කපා ගත්තා. එය කෝප් කමිටුවෙන් අත්හිටෙව්වාම ඇමතිවරයා විසින් එම කි‍්‍රයාවලිය සාධාරණීකරණය කරලා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ලිපි ලියනවා. එස්.බී. දිසානායක කළ යුත්තේ කෝප් කමිටුවේ නිර්දේශ පිළිගැනීම මිස තමන්ගේ තීරණ කි‍්‍රයාත්මක කිරීම නෙවෙයි.
මේ දේශපාලනඥයින් වංචා-¥ෂණවලට ඥාතිකම් කියනවා. ඔවුන් දේශපාලනයට එන්නේම වංචා-¥ෂණ කිරීම සඳහාමයි. ඒ ක‍්‍රමය වැළැක්වීම කෝප් කමිටුවට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මෙම අවනඩුව ජනතාව හමුවට ගෙනයා යුතුයි. මොකද, මොවුන් සොරා කන්නේ මහජන මුදල්. ජනතාව විසින් පත්කරගන්නා ආණ්ඩුව ජනතා මුදල් කොල්ලකනවා නම් ඒ අවනඩුව කියන්න වෙන්නේත් ජනතාවටමයි. ¥ෂිතයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම සිදුකළ යුත්තේ නීතිපතිවරයා, අධිකරණය, අල්ලස් කොමිසම වැනි ආයතනයි. ඒ ආයතනත් කටයුතු කරන්නේ දේශපාලනඥයන්ගේ වුවමනාවට නම් ඒ සම්බන්ධයෙන් තීරණ ගතයුතු වන්නේ ජනතාවයි. ඒ නිසා අපි යෝජනා කරනවා, කෝප් කමිටුව සහ අනෙකුත් ගිණුම් කාරක සභා මාධ්‍යයට විවෘත කරන්න කියලා. බොහෝ රටවල්වල ඒ ක‍්‍රමය කි‍්‍රයාත්මක වෙනවා. ඒ සඳහා නීතිමය තත්වය වෙනස් කරන්න කියලා අපි කථානායකවරයාගෙන් ඉල්ලනවා. මෙම ගිණුම් කාරක සභාවල විමර්ශන, මාධ්‍ය හරහා ජනතාවට හෙළිදරව් කරන්න  ඕනෑ.
මේ ආණ්ඩුව පත්වීමත් සමඟ සියලූ දෙනාගේ එකඟත්වය මත විගණන සේවා කොමිසමක් පිහිටෙව්වා. ඒ මගින් විගණකාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික විගණන පනත් කොටුම්පතක් සකස් කරලා කැබිනට් එකට ඉදිරිපත් කළා. එහිදී ඇමතිවරුන් හතර දෙනෙකුගේ අනු කමිටුවක් මගින් ජාතික විගණන පනතේ ඇතැම් යෝජනා කප්පාදු කරන්න කටයුතු කරනවා. විගණන පනත මගින් යෝජනා කර තිබූ ඉහළ නිලධාරීන්ට අධිභාර පැනවීමේ අයිතිය පනතෙන් ඉවත් කරනවා. ඇමතිවරුන් ඉදිරිපත් වෙලා නිලධාරීන් ආරක්‍ෂා කරන්න කටයුතු කරනවා.  ඇත්තට යහපාලනය කි‍්‍රයාත්මක කරන්න අවශ්‍ය නම් මේවා හරි විදියට කි‍්‍රයාත්මක කරන්න කියලා අපිි ආණ්ඩවුට බල කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
පහුගිය කාලයේ හම්බ කරපු කළු සල්ලි පැනමා තුළ පමණක් නෙවෙයි, ඩුබායිවල, සිංගප්පූරුවේ, යුකේ‍්‍රන්වල තැන්පත් කර තිබෙනවා.  මේවා ගැන පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙන අතර තමයි පැනමා පේපර්ස් එළියට එන්නේ. එම පැනමා පේපර්ස් මගිනුත් ශී‍්‍ර ලංකාවේ බොහෝ දෙනෙකුගේ තැන්පතු තිබෙන බව හෙළිදරව් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයාගේ නමත් එම නම් ලැයිස්තුවේ තිබන බව වාර්තා වෙනවා. එම සභාපතිවරයා චම්පික රණවකගේ සමීපතමයෙක්. ඒ විතරක් නොවෙයි, පහුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ ඇවන්ගාඞ් මුදලාලිගේ නමත් පැනමා නම් ලැයිස්තුවේ තිබෙන බව මේ වෙනකොට හෙළිදරව් වෙලා තිබෙනවා. මෙම ¥ෂිතයින් මහජනතාවගේ මුදල් අයථා ලෙස උපයාගෙන එම ධනය රටේ එළියට ඇදලා තිබෙනවා. ඒ නිසා මෙම ආණ්ඩුවට බලකළ යුතුයි මෙම ¥ෂිතයන්ට එරෙහිව නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගන්න කියලා.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2016.05.10

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *