විශ්‍රාමික ජනාධිපතිවරයෙකුගේ වරප්‍රසාද මැතිවරණ නීතියට තර්ජනයක් – ජේ. සී. වැලිඅමුණ

JC-Weliamuna1මැතිවරණ නීතියට අනුව තරඟයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට හිමිවන වරප්‍රසාද සමාන ය. තරඟයට ඉදිරිපත් වන අයට අසාධාරණයක් නොවී සියල්ලන්ට ම මේ මගින් සාධාරණය ඉටුවේ. මැතිවරණය සාධාරණ වන්නට නම් සියල්ලන්ට ම එක සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු ය. මේ මැතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට පමණක් විශේෂ වරප්‍රසාදයක් හිමිව ඇත. ඒ වරප්‍රසාදය හිමි වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ය. හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද සහිතව මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම තුළ අනිකුත් අපේක්ෂකයින්ට වන අසාධාරණය පිළිබඳ දැන් ගැටළුවක් මතු වී ඇත.
විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද මොනවාද යන්න ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන්ව ඇත. එහෙත් ජනාධිපතිවරයෙකු විශ්‍රාම ගිය පසු නැවත පාර්ලිමේතුවට තරඟ කරනු ඇතැයි එදා කිසිවෙකු කල්පනා කළේ නැත. විශ්‍රාම ගිය අධ්‍යක්ෂවරයෙක් පියන් කෙනෙකු ලෙස නැවත සේවයට නොපැමිණෙන හෙයින් එසේ කල්පනා කිරීම සාධාරණ ය. මේ නිසා අනිකුත් අපේක්ෂකයින්ට නැති වරප්‍රසාද සහිතව මැතිවරණයට ඉදිරිපත් වී ඇති රාජපක්ෂ මහතා පිළිබඳව ගත හැකි පියවර උක්ත වගන්තියේ සඳහන්ව නොතිබීමෙන් නීතිමය ගැටළුවක් පැනනැගී ඇත.
කෙසේ නමුත් මැතිවරණ නීතියට අනුව නම් අනිකුත් අපේක්ෂකයින්ට අසාධාරණයක් නොවන ලෙස මැතිවරණය පැවැත්විය යුතුය ඒ අනුව මැතිවරණ නීතිය ක්‍රියාත්මක වියයුතු බව මගේ අදහසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *