රසායනික වල්නාශක, කෘමිනාශක ගෙන්න අවසර දුන්නා – කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ

වගාවන් සඳහා අවශ්‍ය අනුමත කෘමිනාශක සහ වල්නාශක මෙරටට ගෙන්වීමට අදාළ සමාගම්වලට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

දෙරණ රුපවාහිනී නාලිකාවේ අද දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කොට තිබේ.

නයිට්‍රජන් රසායනිකය අඩංගු නැනෝ නයිට්‍රිජන් පොහොර ශ්‍රී ලංකාවේ ගොවීන්ට ලබා දීමට කටයුතු කොට ඇති බව පැවසු මහාචාර්ය වරයා වැඩි දුරටත් පැවසුවේ එය ද රසායනික සංඝටකවලින් සැදු වොශේෂ පොහොරක් බවයි.

එම වැඩ සටහනේ දී මහාචාර්ය ජයසිංහ මහතා නැනෝ යුරිය පොහොර ගැන මෙසේ ප්‍රකාශ කළේ ය.

දැන් මේ පොහොර කියන්නේ රසායනික සංඝටක එකතු කරලා, සාදන සංයෝගයක්. එතකොට මේ අද එන නැනෝ නයිට්‍රජන් ප්‍රඩක්ට් එකක් විදියට කාටහරි කියන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක් කියලා. මේකේ ජීවි ද්‍රව්‍ය නැති නිසා මේක අකාබනිකයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නෙමෙයි මේක විශේෂිත පොහොරක්. යූරියා කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක් වෙනුවට තුන්වෙනි පරම්පරාවේ නැනෝ නයිට්‍රජන් එකකින් ගහන්න ඕනේ 500ml බෝතලයක් පමණයි. හෙක්ටයාරයකට මේකෙන් අවශ්‍ය වෙන්නේ 2.5lයි. එක වතුර ලීටරයකට දිය කරන්නේ 4ml.”

මහාචාර්ය වරයා අද මෙම වැඩ සටහනේ දී ප්‍රකාශ කළේ ගොවීන්ට අවශ්‍ය අනෙකුත් වල් නාශක සහ කෘමි නාශක ද ගෙන්වීමට සමාගම්වලට අවසර දුන් බවයි. ඒවා අවශ්‍ය ප්‍රමාණවලින් පමණක් ලබා දෙන බව ද මහාචාර්යවරයා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *