ආණ්ඩුවේ හවුල්කරුවන්ට ජනාධිපති පලා බෙදයි ; සාකච්ඡාවක්වත් නොදෙයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපති හමුවන්නට අවස්ථාවක් ඉල්ලාතිබිය දී ජනාධිපතිතුමා එය ලබා දී නැති බවත්, ජානාධිපතිතුමගේ එම හැසිරීම ගැන හවුල්කාර පක්ෂ දැඩි කලකිරීමට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

යුගදනවී බලාගාරයේ කොටස් ඇමෙරිකාවේ සමාගමකට විකිණීමේ ගිවිසුම ගැන කතා කිරීමට ශ්‍රීලනිප, ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 11 ක් විසින් මෙම ඉල්ලීම කොට තිබිණි.

එයට ජානධිපතිතුමාගේ ප්‍රතිචාරය වී ඇත්තේ ඒ ගැන බැසිල් රාජපක්ෂ ඇමතිතුමා සහ අගමැතිතුමා හමු වී සාකච්ඡා කරන ලෙස යි.

මෙලෙස තමන්ට සාකච්ඡාවක් පවා නොදී මගහැරීමේ ජනාධිපතිතුමාගේ හැසිරීම ගැන හවුල්කාර පක්ෂ බලවත් කැළඹීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *