රෑට යුරියා යොදා දවල්ට කාබනික යෙදු රතන හිමිගේ ප්‍රෝඩා ගොවිතැන ගොවියෝ හෙළිකරති

කාබනික ගොවිතැන සාර්ථක බව පෙන්වීමට ගොවිතැනට රෑට යුරියා යොදා උදේට කාබනික පොහොර යොදන ලෙස අතුරලියේ රතන හිමියන් තමන්ට උපදේශ දුන් බව මාදුරු ඔය ගොවීන් ජනමාධ්‍ය ඔස්සේ හෙළිකර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහය යටතේ රතන හිමියන් ක්‍රියාත්මක කළ කාබනික වගා ව්‍යාපෘතියේ දී මෙය සිදු වූ බව කියති.

මාදුරු ඔය ප්‍රදේශයේ එම ගොවිතැන ක්‍රියාත්මක වී ය.

කෙසේ වෙතත්, පසු අවස්ථාවක ජනාධිපති කාර්යාලය විසින් ම එම වැඩ සටහන නවතා දැමුවේ එය ආසාර්ථක බවට එල්ල වූ චෝදනා හමුවේ ය.

මේ අතර රතන හිමියන් සාමාජිකත්වය දැරූ අපේ ජන බල පක්ෂය පසුගියදා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ වත්මන් කාබනික වගා වැඩ සටහන රතන හිමියන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *