කොවිඩ් මරණ 12 දක්වා පහළට ; නව ආසාදිතයින් 578 යි

රජය දිනක දී තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව මෑත කාලයේ පහළ ම අගයක් සටහන් කරමින් අද වාර්තා වුයේ මරණ 12 ක් පමණකි.

දිනකට වාර්තා වන නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ද අද සටහන් වුයේ 578 ක් වශයෙනි. එය ද මෑත කාලයේ වාර්තා වූ අඩු ම අගය කි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,484 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 531,648 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *