ජනාධිපති ලෝකයට කළ කතාව විදේශ ඇමති රිවස් කරයි ! දෙමළ ඩයසපෝරාව සමග සාකච්ඡා බෑ !!

තම රජය දෙමළ ඩයසපෝරාව සමග සාකච්ඡා කිරීමට සුදානම් බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා ප්‍රකාශ කිරීමෙන්  සති කිහිපයක් ගත වන්නට මත්තෙන් ශ්‍රී ලංකා විදේශ ඇමති ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත්තේ රජය විසින් තහනමට ලක් කොට ඇති දෙමළ ඩයසපෝරාව  සමග සාකච්ඡා කිරීමට රජයට හැකියාවක් නැති බවයි.

“ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබ ඇති සංවිධානවලට කතාකරන්න අපට බැහැ. එසේ වන්නේ එසේ කිරාම රටේ නීතිය උල්ලංඝනය කිරීමක් වන නිසයි.” යනුවෙන් විදේශ ඇමතිවරයා ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත්, සමස්ත ලෝක ප්‍රජාව නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ දෙමළ ඩයසපෝරාව සමග සාකච්ඡා කිරීමට තමන් සුදානමින් සිටින බවයි.

දෙමළ ඩයස පෝරාව ලෙස හඳුන්වනු ලබන ලෝක දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොන්ග්‍රසය, ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය, කැනේඩියානු දෙමළ ජාතික සභාව, දෙමළ තරුණ සංවිධානය, සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව ආදී සංවිධාන ආණ්ඩුව විසින් පසුගිය මාර්තු මාසයේ තහනම් කරනු ලැබීය.

ජී එල් පීරිස් ඇමතිවරයා කියා ඇත්තේ මෙලෙස තහනම් කොට ඇති දෙමළ සංවිධාන සමග සාකච්ඡා කිරීමට රජයට නොහැකි බව යි. කෙසේ වෙතත්, වෙනත් කණ්ඩායම් සහ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කල හැකි බව ඇමතිවරයා කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *