කොඩියේ පක්ෂයෙන් රතන හිමි ඉවත් කළත්, මන්ත්‍රී ධුරයෙන් නොයයි.

කොඩිය ලකුණින් මහ මැතිවරණය තරග කළ අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කළ අතුරලියේ රතන හිමියන් එම පක්ෂයෙන් නෙරපා ඇතත්, උන් වහන්සේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවන බව ප්‍රකාශ කොට ඇති අතර එම  තත්ත්වාට්‍ය තුළ එම මන්ත්‍රී ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර මිහියන් පත්කරව ගැනීමට පක්ෂයට නීතිමය සටනක් කරන්නට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

පක්ෂය සමග එකඟතා සහ පක්ෂ විනය කඩ කිරීම ගැන චෝදනා මත රතන හිමියන් පක්ෂයෙන් නෙරපන බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළේ ය. උන් වහන්සේ දරන මන්ත්‍රී ධුරයට ඥානසාර හිමියන් පත්කිරීමට පක්ෂය තීරණය කොට ඇති බව ද වාර්තා වී ය.

කෙසේ වෙතත්, රතන හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ තමන් අපේ ජන බල පක්ෂය සමග සන්ධාන ගතව තරග කළ ද එම පක්ෂයේ සාමාජිකයෙක් නොවන බව ය. එබැවින් පක්ෂයෙන් ඉවත් කිරීම අදාළ නැති බව සහ මන්ත්‍රී ධුරයේ වෙනෙසක් නොවන බව උන් වහන්සේ කියයි.

මෙම තත්ත්වය යටතේ රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සහ ඥානසාර හිමියන් පත්කිරීම නීතිමය ගැටුමක් බවට පත්වනු ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *