මහින්ද පිල පසුබසී. ගොඩ එන මං හොයයි

ශ‍්‍රී ලනිපය තුළ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හිතවත් කණ්ඩායම පරාජය කරමින් ඉදිරියට එන්නට හැකියැයි සිතාසිටි මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් කණ්ඩායම මැයි දිනයෙන් පසුව අධෛ්‍ය_මත්ව සිටින බව වාර්තාවෙයි. ඔවුන් දැන් වෙනම පක්‍ෂයක් පිහිටුවීමේ අදහස අත්හැර නැවත සමගි වීමේ මාර්ග සොයන බව දැනගන්නට ඇත.
මෙම කණ්ඩායම මීට පෙර සිටි තක්සේරුව වූයේ ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයේදී මෛත‍්‍රී පිළ තෙවැනි තැනට දමා දෙවැනි තැනට පැමිණිය හැකි බවය. එවිට පක්‍ෂ නායකත්ව නැවත ඉල්ලා සිටීම හෝ සැබෑ  ශ‍්‍රී ලං.නි.ප. තමන් බව කියා එජාපයට විකල්පය ලෙස ඉස්මතුවිය යැකි බව ඔවුහු සිතා සිටි බව එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාග_ කියයි. කෙසේ වෙතත් දැන් ඔවුන් බියපත්ව සිටින්නේ, පළාත් පාලන මැතිවරණය වෙනම තර`ග කළහොත් තෙවැනි තැනට වැටෙන්නට ඉඩ ඇති බව පෙනීයාම නිසාය. එම නිසා ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ ඉල්ලීමද දැන් මතු නොකරන බව පෙනෙන්නට ඇත.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශක්තිය වී ඇතතේ පළාත් සභාවවල හා ප‍්‍රාදේශී්‍ය සභාවල නිල තල දැරූපිරිසක් බවත්, පසුගිය කාලයේ විවිධ ජාවරම් කර ධණය රැුස්කළ මෙම පිරිස ගැන සාමාන්‍ය ජනයාගේ ප‍්‍රසාදයක් නැති බවත් අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් හටගෙන ඇති වබද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *