පසුගිය ආණ්ඩුවේ විනාශකාරී වැඩට ජනතාව පලිද ; වැට් බද්ද අසාධාරණයි – පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

imagesඑක්තරා චීවරධාරියෙක් පහුගියදා කියල තිබුණා මහින්ද රාජපක්‍ෂගෙ ආරක්‍ෂාව සම්බන්ධයෙන්, ඔවුන්ගේ ඉල්ලීම් නොදුන්නොත් සතිදෙකක් ඇතුළත පාරට බහින බව කියල. අපි ඒ චීවරධාරියට අභියෝග කරනව පුලූවන්නම් බැහැල පෙන්නන්න කියල.
සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන එකමුතුව අපිත් දෑවැන්ත විරෝධතාවක් කරන්න සූදානම් වෙනව, මේ රටේ හොරු තාම නිදැල්ලෙ ඉන්නව. ඔවුන්ගෙ දේපොළ තාම රාජසන්තක කෙරුවෙ නෑ. මේවට විරුද්ධත්වය පළ කරල අපි පාරට බහින සූදානමින් ඉන්නෙ. ‘මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායම ගිය ආණ්ඩුව කාලේ කරපු හොරකම් නිසා ජනතාවට වැට් බද්ද වැඩි කරන්න සිදුවුනා’ කියල රවී කරුණානායක ඇමතිතුමා කියල තිබුණ. අද වැට් බද්ද නිසා සියලූ දේවල් වැඩි වෙලා තියෙනව. ළ`ගදීම බස් ගාස්තුවත් වැඩිවෙනව.
පසුගිය ආණ්ඩුව කරපු කාබාසිනියාවලට ජනතාව පළිද? අමාත්‍යතුමාගේ ඒ ප‍්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිනව. සරත් ෆොන්සේකා මහතාව හිරේ දාන්න නීතියක් හදන්න පුළුවන් නම්, ඇයි මේ පුද්ගලයන්ගේ දේපොළ රාජසන්තක නොකරන්නෙ? ආණ්ඩුවෙ ඇතැම් පුද්ගලයො මේ පුද්ගලයන් සමග ඞීල් කරනව. ජනතාවගෙන් පළිගන්න සූදානම් වෙන්න එපා. ඒක අපි ආණ්ඩුවට අවසාන වශයෙන් කියනව.
අපි දිගින් දිගටම කියනව මහින්ද රාජපක්‍ෂ මහත්තයට පරාද උනා නම්, පරාජය බාර අරගෙන ඉන්න. කට්ටයක් හිතාගෙන ඉන්නව මහින්ද රාජපක්‍ෂ මහත්තය ආයෙ බලයට එනව කියල. ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්. අපි එන්න ඉඩ තියන්නෙත් නෑ. අපි තමයි 2015 ජනවාරි 8 වෙනිදා මේ යහපාළනය ගෙනාවෙ. අපිට ඒ ගැන වගකීමක් තියෙනව. ආණ්ඩුව වැරදි කරනව නම් අපිටත් සිද්ධ වෙනව, වැරදි පෙන්නල දෙන්න. අවි අමෝරාගෙන ඉස්සරහට යන්න.
මැයි පළවෙනිදා වැඩිම සංඛ්‍යාවක් ගියේ එක්සත් ජාතික පක්‍ෂ මැයි රැුළියෙ. ඒ හා සමාන ප‍්‍රමාණයක් ගාල්ලෙ මැයි රැුළියටත් ගියා. බස් රථ 500කට ආසන්න ප‍්‍රමාණයක් මහින්ද රාජපක්‍ෂ මහත්තයටත් ආවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමහර සංවිධායකවරු දෙපැත්තටම බස් රථ දීල තිබුණ. ඔවුන් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයටත් බස්රථ දීල තිබුණ. මහින්ද රාජපක්‍ෂ මහත්තයටත් බස් රථ දීලා තිබුණ. ජනතාව රවටන්න ආණ්ඩුවත්, විපක්‍ෂ කණ්ඩායමවත් සූදානම් වියයුතු නෑ. ජනතාව පීඩාවට පත්වෙලා තියෙනව. ජනතාව බදුබරින් පෙළෙනව. ඒ පීඩාවට පත්වීම නැවැත්වීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම හොර රැුලගේ දේපොල වහාම රාජසන්තක කරල, ඒ මුදල් රජයට අයකරගෙන ජනතාව පිට පටවලා තියෙන බදු වහාම ඉවත්කර ගත යුතුයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *