මහා බැංකුවේ පතුලත් හිල්වෙයි ! සංචිත ඍන වෙයි !!

මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය අවසන් වී මේ වනවිට ඍන අගයක් පෙන්නුම් කරන බව මුල්‍ය වෙළෙඳපොළ ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

ඒ අනුව මහ බැංකුවේ ශුද්ධ විදේශ විනිමය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 400 ක් ඍන අගයක් වාර්තා කොට තිබේ.

මෙය ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවූ තත්ත්වයක් බව ද එම ප්‍රවෘත්ති සේවා කියයි.

ආණ්ඩුවේ වියදම් පියවීමට මහ බැංකුව දිගින් දිගට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමත් , එවිට ඉහළ යන ඩොලරයේ අගය රැකගන්න ඩොලරයට රුපියල් 203 ක් ලෙස කෘතීම මිලක් නියම කොට තිබීමත් මෙම තත්ත්වය උග්‍ර වීමට හේතු වී ඇති බව මුල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *