අගමැතිගේ මැදිහත්වීමත් අසාර්ථකයි ; ගුරු සටන දිගට ම – වෘත්තීය සමිති තීන්දු කරයි.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ පැවති රැස්වීමේ දී ඉදිරිපත් කළ විසඳුම් නොපිළිගෙන දිගට ම තම සටන කරගෙන යාමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද තීරණය කළේ ය.

මෙම ගැටළුවට අදියර දෙකකින් විසඳුම් දීමට අගමැති මහින්ද රාජපක්ෂන් මහතා ඊයේ යෝජනා කළේ ය. මීට පෙර ඇමති අනු කමිටුවකින් තීරණය කළේ ප්‍රශ්නයට අදියර හතරකින් විසඳුම් දීමට ය. පසුව එය අදියර තුනකින් සිදු කිරීමට ඇමති මණ්ඩලය තීරණය කොට තිබිණි.

කෙසේ වෙතත්, අගමැතිතුමා යෝජනා කළ අදියර දෙකේ විසඳුම ප්‍රතික්ෂේප කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද රැස් වී තීරණය කොට තිබේ.

ඒ අනුව මාර්ගගත අධ්‍යාපනය දිගට ම වර්ජනය කරන බවට සහ පාසල් පටන් ගත හොත් පාසල්වලට නොපැමිණීමට වෘත්තීය සමිති තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *