ගොවි ගැටලුව උග්‍රයි ; බලන් ඉන්න බැහැ – පොහොට්ටු මන්ත්‍රීවරු 40 ක් ජනපතිට ලියති

රසායනික පොහොර තහනම් කිරීම නිසා ගොවිතැන සහ ගොවි ජනය විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එය ඉතා දරුණු තත්ත්වයට පත්ව ඇති බවත් කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 ක් පම අත්සන් කොට ජනාධිපතිතුමාට ලිපියක් භාර දුන් බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා කියයි. මේ ගැන කරුණු දැක්වීමට සාකච්ඡාවක් ලබා ගෙන ලෙස මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ඇති ද ඒ මහතා කියයි.

ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීම තහනම් කොට කාබනික පොහොර යොදන ලෙස කීවද එසේ කිරීම ගොවීන්ට විශාල ගැටළුවක් වී ඇති බව එම මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාට පෙන්වා දී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට දින කිහිපයකට පෙර කීවේ කෘෂිකර්මාන්තයේ විෂතම අර්බුදයට දැන් ගොවි ජනයා මුහුණ දී සිටින බව සහ තමන්ට ද ගමට යා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *