“තමන් අසාර්ථක බව ජනාධිපති කිව්වේ නැහැ” – කැබිනට් ප්‍රකාශක, මාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම

ඇතැම් ජන මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, තමන් අසාර්ථක වී ඇති බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඇමති මණ්ඩලයට නොකී බව ජනමාධ්‍ය ඇමති, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, තමන් බලයට පත් කළ හැට නව ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය අපොහොසත් වී ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ඇමතිවරයා කීය.

ජනමාධ්‍ය ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

රාජ්‍ය නායකයා මැති ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි සාක්කුවේ දමාගෙන සිටි යුගයක් මේ රටේ පැවති බවත්, දැන් එවැනි තත්ත්වයක් නැති බවත්, මැති ඇමතිවරුන් නිදහසේ රජය විවේචනය කරන බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *