මිලින්ද මොරගොඩගේ, නිවාඩ් කබ්රාල්ගේ ” කැබිනට් ” සිහින බිඳ වැටේ

කිසිදු තානාපති සේවා නිලධාරියකු හෝ රජය නිලධාරියකු හෝ කැබිනට් මට්ටමේ නිලධාරියකු ලෙස පත්කොට නැති බව කැබිනට් කාර්යාලය ප්‍රකාශ කොට ඇත.

එමෙන් ම එබඳු පත්කිරීම් සඳහා ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා නැති බව ද එම කාර්යාලය කියයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉදිරිපත් කළ විමසුමකට පිළිතුරු සපයමින් කැබිනට් කාර්යාලයේ තොරතුරු නිලධාරී ඩබ්ලිව් කේ වීරවර්ධන මහතා මේ තොරතුරු ලබා දී තිබේ.

පසුගිය දිනවල කැබිනට් මට්ටමේ පත්වීම් පිලිබඳ ප්‍රශ්නයක් මතු වුයේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වශයෙන් පත්කරනු ලැබූ මිලින්ද මොරගොඩ මහතා සහ මහ බැංකු අධිපති ලෙස පත්කරනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන්ගේ පත්වීම්  කැබිනට් මට්ටමේ විය යුතු බව ඉල්ලා සිටි නිසා ය.

මිලින්ද මොරගොඩ මහතාට කැබිනට් මට්ටමේ පත්වීමක් ලබා දී ඇති බවට ද වාර්තා පලවිය.

කැබිනට කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී වීරවර්ධන මහතාගේ පිළිතුරේ සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වගන්තියට අනුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත්කිරීමට ජානාධිපතිවරයට බලය දී ඇත්තේ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් පමණක් බව යි. එබැවින් පසුගිය දා ප්‍රකාශවූ පරිදි කිසිදු රාජ්‍ය නිලධාරියකු හෝ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු හෝ කැබිනට් මට්ටමේ නිලධාරියකු ලෙස පත්කිරීමට විශේෂ ප්‍රතිපාදන නොමැති බව ද එහි සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *