ඛනිජ තෙල් මිලත් ඉහළට

 

පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙට ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක් ,ඩීසල්වලින් රුපියල් 31.46ක පාඩුවක් ලබන බව කී සභාපතිවරයා අගෝස්තු 31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් සංස්ථාව ලබා ඇතැයි ද කීවේය.

ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීම කළ යුතු බව ද සභාපතිවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ආණ්ඩුව සහනයක් ලබා දුන්නොත් මිල වැඩිකිරීමක් කරන්න වෙන්නේ නැතැයි ද ඇමතිවරයා කීවේය.

ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *