බත් පැකට් එක, තේ කෝප්පය රුපියල් 10 කින් ඉහළට

බත් පාර්සලයක සහ කිරි තේ එකක මිල රුපියල් දහය බැගින් මිල වැඩි කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත.

ෆ්‍රයිඩ් රයිස් , කොත්තු, සහ වෙනත් ආහාර මිල ද එම ප්‍රමාණයෙන් ම ඉහළ දමා තිබේ.

ගෑස් මිල වැඩිවීමත් සමග මෙම මිල ඉහළ දැමීමේ තීරණය ගෙන තිබේ.

සහල්, සීනි මිල ද පසුගිය කාලයේ වැඩි වූ බව ආපන ශාලා හිමියෝ පෙන්වා දෙති.

රට පුරා සියලු ආපන ශාලාවල මෙම මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *