පාන් පිටි මිල රුපියල් 10 කින් ඉහළට ; පාන් මිලත් රුපියල් 5 කින් ඉහළට

පාන් පිටි කිලෝවක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට ප්‍රීම සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන ඇත.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පිටි මිල වන්නේ කිලෝවක් රුපියල් 98 කි.

පාලන මිල ඉවත් කිරීමත් සමග මෙම මිල වැඩි කිරීම සිදුකොට තිබේ.

මෙලෙස පිටි මිල වැඩි වීමත් සමග පාන් මිල ද රුපියල් 5 කින් වැඩිවනු ඇති බව බෙකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

අනෙකුත් බේකරි නිෂ්පාදන ද ඒ අනුව මිල වැඩි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *