ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257 කින් මිල වැඩිකෙරේ

රජයට අයත් ලිට්‍රෝ සමාගම සිය  කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ.

එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.

එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝ 5 ගෑස්  සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝ 2.5 ක සිලින්ඩරයක් රුපියල් 520ක් වේ.

මෙම නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.

ගෑස් මිල පාලනය ඉවත් කිරීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමග සමගම මෙම නව මිල ගණන් තීරණය කොට තිබේ.

පාලන මිල ඉවත් කොට ඇති නිසා මෙම මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය ද අවශ්‍ය නොවන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *