ආසාර්ථක බව පිළිගෙන ඇති 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ඉවත් කරන්නැයි රනිල් කියයි

තමන්ට අත්දැකීම් නැති බවත්, වැරදි සිදු වී ඇති බවත් පිළිගනිමින් ජනාධිපතිතුමා පක්ෂයක් කොට ඇති තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අසාර්ථක බව පිළිගෙන ඇති බැවින් එය අහෝසි කොට 19 වැනි සංශෝධනය යලි ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද ඉල්ලා සිටියේ ය.

තමන්ට අත්දැකීම් අඩු නිසා වැරදි සිදු වූ බවත්, අගමැතිතුමා වැඩි වගකීමක් ගත යුතු බවටත් පසුගිය කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කළේ ය.

19 වැනි සංශෝධනය අහෝසි කිරීමෙන් කැබිනට් ආණ්ඩුක්‍රමය බිඳ වැටුණු බවත්, ආණ්ඩුව තුළ ආණ්ඩු මෙන් ම ආණ්ඩුවෙන් පිටත තවත් ආණ්ඩු ද නිර්මාණය වූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ඒ මහතාගේ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වී ය.

ඇමතිවරු මුණගැසුණු අවස්ථාවේ දී ජනාධිපතිතුමා පිළිගත්තා එතුමාට දේශපාලන පළපුරුදු සීමා සහිතයි. ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ලා ඒ පළපුරුද්ද තියෙන අනෙක් කැබිනට් ඇමතිවරු ඔක්කෝම එකතුවෙලා සාමාහික වැඩකටයුතු කරගෙන යමු කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියෙනවා 20 සංශෝධනය අසාර්ථකයි කියලා. ඒ සංශෝධනය නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමය නැති වුණා. ආර්ථිකයටත් කොවිඩ්වලටත් ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවක් තිබුණා. ඒ වගේම හාල් මිල සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකද්ද ඒකේ ප්‍රතිඵලය. ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සම්ප්‍රදායික කැබිනට් පාලනයකට යන එක හොඳයි.ඒක කරන්න තියෙන්නේ 20 සංශෝධනය අහෝසි කරලා ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *