අගමැති සමග ගුරු සංගම් හෙට සාකච්ඡාව කල් යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තීය සමිති අතර හෙට පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව දින නියමයක් නැතිව කල් දමා ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ බව වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාව හදිසියේ කල් දැමීමට හේතු දැනගැනීමට නැත.

රජය අභ්‍යන්තරයේ මතු වූ විරෝධතාවක් මෙයට හේතු වූ බවට විශ්වාසයක් පවතියි.

ගුරු වෘත්තීය සමිති පකාශ කරන්නේ ගුරු ගැටළුවලට විසඳුම් දීම පසෙක ලා පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *