නව නීතියක් නැතිව පළාත් සභා ඡන්දය බෑ – නීතිපති දැනුම් දෙයි

පාර්ලිමේන්තුවෙන් නව පනතක් සම්මත කිරීමෙන් තොරව පළාත්  සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපතිතුමා රජයට දැනුම් දී ඇත.

දීනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විසින් මැතිවරණ ක්‍රම සංශෝධන තේරීම් කාරක සභාවට අද මේ බව දැනුම් දී තිබේ.

පැරණි මැතිවරණ ක්‍රමයට හෝ නව මැතිවරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැන් තිබෙන නීතිමය තත්ත්වය තුළ හැකියාවක් නැති බව නීතිපතිතුමා දානවා ඇති අතර කුමන ක්‍රමයකට හෝ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නව පනතක් සම්මත කළ බව පෙන්වා දී තිබේ.

ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා තේරීම් කාරක සභාව නීතිපතිතුමාගේ උපදෙස් විමසා තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *