කිරිපිටි මිල ගැන ගත් අවසන් තීරණ – කිලෝව 1195 යි ; 400 පැකට්ටුව 480 යි

ආනයනික කිරිපිටි අලෙවි කරන මිල ගණන් සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවසන් තීරණයකට පැමිණ ඇති අතර ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් මිල ඉහළ දමා ඇත.

වැඩි කළ කිරිපිටි මිල ගණන් අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480ක් ලෙස දැක්වේ.

ඒ අනුව නව මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන බව ආනයන කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *